(පුෂ්පකුමාර ජයරත්න)
චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පවත්වන සියලුම පරීක්ෂණ දේශපාලන අතපෙවීම් තොරව සාධාරණව පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මේ මාධ්‍ය සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , රජයේ විකිරණවේදීන්ගේ සංගමය , ගිලන්රථ රියදුරන්ගේ සංගමය රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය , ශ්‍රී ලංකා නිදහස් සුවසේවා සංගමය , සමස්ත ලංකා සුව සේවක සංගමය යන වෘත්තීය සංගම් වල ප්‍රධාන ක්‍රියාකාරීහු සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් යුක්තව සිදුවිය යුතු බවයි.
එසේ නොවී ඊට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීම් සේම කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියට බලපෑම් එල්ල කිරීම් කළහොත් ඊට එරෙහිව දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා අවධාරණය කළේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික උපාලි හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලට එල්ලවී ඇති අපහාසාත්මක තත්ත්වය යථා තත්ත්වයට පත්කළ හැක්කේ සාධාරණ පරීක්ෂණයකින් පමණක් බවයි. එම පරීක්ෂණ සාධාරණව සිදු නොවුනොත් සියලුම වෘත්තීය සමිති ඊට එරෙහිව නැඟී සිටින බවද හේරත් මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්..! කුණු ජරාව පෙන්නලා සල්ලි හම්බ කරනඅය, අැතැම් ස්වාමීන් වහන්සේල නඩුකාරයන් වෙලා තීන්දු දීලා ඉවරයි.
අප කණගාටු වෙනවා... සෑහෙන වෘත්තීය සංගම් මෙවන් ඉල්ලීමක් කිරීම පිළිබඳව. පාලන අධිකාරියේ මෙන්ම නීති අංශයේද "වගකීමක් හා යුතුකමක්" අදාළ පරීක්ෂණ නිසිලෙස කර ජනතාවට ඇත්ත, සත්‍ය, දැනගැනීමට සැලැස්වීම. මේ සඳහා කිසියම් හෝ " දේශපාලයෙකුගේ හෝ දේශපාලකයන්ගේ " මැදිහත්වීම්, ඇඟිලි ගැසීම් සිදුවෙනවා නම් එයත් ප්‍රසිද්ධ කිරීමට එම ආයතන වගබලා ගත යුතුයි...
ඇයි දැන් ඕවා කියන්නේ? දැනට ඔය කියන දොස්තරට විරුද්ධව පැමිණිලි පනහකට වැඩිය තියනවලු නේද? ඔය ක්‍රියාවන් කෙරෙනකොට අනිකුත් ශල්‍යාගාරය තුල සිටි අයවලුන් නොදැන සිටියාය කියා සිතන්න අමාරුයි නේද? සාධාරනය කියන එක දෙකොටසම වියයුතුය.
අම්මේ ඔබේ අසාධාරනයට වන්දි ලබා ගත හැක. ලංකාවේ සෑම ශික්ෂණ රෝහල්වල සේවය කරන ප්‍රසව හා නාරි වෛද්‍යවරු රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කමකින් අනතුරුව මේ වන තුරුත් දෙවැනි දරු ඵල නොමැති අම්මලා ගෙන් පැමිණිල්ලක් ගෝ චෝදනා වහා එම රෝහල් පොලිසියට ගොනු කරන්න. ලංකාවෙි සෑම ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරි වෛද්‍යවරු සදහා වහා නැවත පරීක්ෂණ පවත්වනු.!
සෙනෙවි කියන විදිහට කිසිම හාමුදුරු කෙනෙක් මේ දොස්තර ගැන තීන්දුවක් දීලා නැහැ. කුණු ජරාව පෙන්නලා සල්ලි හම්බකරන අය කොහොම වුනත් කුණු ජරා වැඩ කරලා සල්ලි හම්බ කරන උන් ආරක්ෂා කරන්න වලිකන නරුමයන් නම් මේ රටේ ඕන තරම් ඉන්නවා. හෙළිවෙන තොරතුරු අනුව මේ දොස්තරගේ කල්කිරියාව බොහොම සැක සහිතයි. ලැබෙන පැමිණිලි අනුව වුනත් ඒ සැකසහිත බව වැඩි වෙනවා. පරීක්ෂණ නතර කිරීමට ඇමතිවරයා දැඩි බලපෑම් කල බවත් කියවෙනවානේ. දේශපාලන සම්බන්දතා , චන්ද කුට්ටි, ඩොලර් කුට්ටි ආදී බොහොම දේවල් පටලවුන කෙස් එකක් වගෙයි පෙනෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා.
මේ චෝදනා එලියට මෙතරම් කාලයක් ගත උනේ ඇයි කවුද මේවා යටපත් කලේ
විනිවිද භාවයක් සහ නිවැරදි ක්‍රමවේදයක් නොමැති වීම රජයේ දුර්වලතාවයක් , කරුණාකර මහජනයාට තවදුරටත් වද දෙන්න එපා
දොස්තර මොහොමඩ් ෂාෆී විතරද ඹහු සමග අනිකුත් සිංහල සහායකයින් සහ හෙදයන් , හා සහායක වෛද්‍යවරුන්ද වහා අත්අඩංගුවට ගනු. මෙම විමර්ශනයට පසු මෙම හය දෙනා සමන්විත විද්වත් කමිටුව දිවයින පුරා ඇති සෑම ශික්ෂණ රෝහලේ වෙත සේවය කරන ප්‍රසව හා නාරි වෛද්‍යවරැන් වහා පරික්ෂා කර විමර්ශන කරන්න
සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණයට අමාත්‍යවරයාගේ අතපෙවීම සිද්ද වෙනවාමයි... එය දූෂිත විය හැකියි. විශ්වාස කල නොහැකියි.. මෙය කල යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම පමණකි ....
මොනවා වුනත් රතන හිමි කුරුණෑගල රෝහලට ගිහින් කරපු ආවේගශීලී ප්‍රකාශය බුද්ධ පුත්‍රයෙකුට ගැලපෙන්නේ නැහැ. ස්වාමින්වහන්සේලා හැම කුණු ගොඩකටම අවුස්සන එක බුදු සසුනට නිගාවක්.