(විනීතා එම් ගමගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු එම ප්‍රතිපත්ති ප්රකාශනය එළි දක්වන අවස්ථාවේ සහභාගී වූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය වූ බවත් එහි වේදිකාවේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු නිරීක්ෂණය කළ බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් ව ඇති බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික ශ්‍රේණියේ සේවාවලට අදාළ රජයේ වෘත්තිය සමිති නායකයෙක් මේ ආකාරයට දේශපාලන ක්‍රියාවලියට අවතීරණය වීමෙන් අනෙකුත් මාණ්ඩලික නිලධාරි සංගම් ද මෙසේ දේශපාලන ක්‍රියාවලියට අවතීර්ණ විය හැකි යැයි ද එයින් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණවලට බලපෑම් එල්ල විය හැකි යැයි ද ඔහු තම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ තත්ත්වය මෙරට නිදහස් මැතිවරණවලට බරපතල අභියෝගයක් එල්ල කළ හැකි බවත් මාණ්ඩලික නිලධාරින් ගේ වෘත්තිය සමිති දේශපාලන කි‍්‍රයාවන්හි යෙදීම ආරම්භයේ දීම වැළැක්වීමට ක්‍රියා නොකළහොත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වන බවත් හෙතෙම දන්වා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ද යවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවාදෙණිය සිහින මවන්නේ ගොට්ලර්ගේ රජයේ සෞඛ්‍ය ඇමති වෙන්නනේ...
මේ කතාව සම්පූර්ණ ඇත්ත... විධායක නිලධාරීන්ට දේශපාලනයේ යෙදීම තහනම්. පහළ ශ්‍රේණිවලට තහනම් නෑ. එක්කෝ දොස්තර මහත්තයාට තමන් විධායක නිලධාරියෙක් බව අමතක වෙන්න ඇති. නැතිනම් මෙතෙක් කල් කළා වගේ කඩේයාමෙන් තමන්ට අනාගතේ ලැබෙන සැප සම්පත් ගැන කල්පනා වෙන්න ඇති... වර්ජනය කරන කොට පමණයි මේ අයට තමන් රජයේ උසස් නිලධාරීන් බව මතක් වෙන්නේ...
පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා කියන එක අද ඊයේ දෙයක් නෙමෙයිනේ? හැමදාම රාජපක්ෂලා ඉන්නකොට වර්ජන නෑ.. වෙන කවුරු ආවත් වර්ජන. මේවා අපේ රටේම නිසා හොඳයි. වෙන රටක නම් මිනිස්සු ගහලා එලවන්නේ මේ වගේ අයට. මේ වෙලාවේ අනෙක් නියම වෛද්‍යවරු මේ වහල්ලුන්ට විරුද්ධව එකතු වෙනවා නම් හොඳයි.
උසාවියටද වරක් අපහාස කරපු කෙනෙක් තමයි... වහාම සේවයෙනුත් නෙරපා හැරිය යුතුයි. විනයක් නැති අයත් එක්ක මොන රට හැදිලිද..?
මොන ජගතාද මේ පරීක්ෂණ කරන්න එන්නේ? එතුමා අපේ අනාගත සෞඛ්‍ය ඇමති.
ඉස්සෙල්ලා බලන්න ඔය සංවිධානය මොකද්ද කියලා... තමන් කැමති දේශපාලනයක් කිරීම ප්‍රජා අයිතිවාසිකමක්... එච්චරයි.
පවුල් පාලනේ අයට කඩේ යනවා වගේ.. පහුගිය කාලේ වැඩ වර්ජන කෙරුවේ කාගේ වුවමනාවකටද? හිතක් පපුවක් නැතිකම නේද? අසරණ රෝගීන් මොනතරම් අපහසුතාවට පත්වුණාද?
අහිංසක රෝගිනි...! දැන් තේරෙනවද පහුගිය ටිකේ තිබුණු වෛද්‍ය වර්ජන කාගේ මෙහෙයුම්ද කියලා.. තව තවත් කඩේ යන්න ඉඩ දෙනවාද? නැතිනම් මැරුණත් කමක් නැහැ කියලා පෞද්ගලික රෝහල් හා බෙහෙත්ශාලා සහමුලින්ම වර්ජනය කරනවද? පෞද්ගලික ආදායම නැති වුනොත් අපූරුවට රජයේ රෝහලේ වැඩටික කරාවි...
GMOA නිලධාරීන් කිහිප දෙනෙක් මුළු වෛද්‍ය ප්‍රජාවම ප්‍රාණ ඇපකරුවන් කරගෙනයි ඉන්නේ... කවුරුත් ඒ කීප දෙනාට විරුද්ධව කට අරින්න බයයි.
GMOA එකට විරුද්ධ දොස්තරලා තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ... එයාලට විවිධ තර්ජන හා අඩන්තේට්ටම් කරන නිසා තමයි නිශ්ශබ්දව ඉන්නේ... එ්කයි සත්‍ය... ශක්තිමත් අවස්ථාවක සියලු දෙනා ඉදිරියට එනවා...
මෙය වැරැදි ක්‍රියාවක්... නීතිය කාටත් පොදුවිය යුතුයි.
දොස්තර් වුනාට ඔලුවක් නැතිනම් වැඩක් තියේද. රටේ නීතිය දැන ගන්නේ නැතුව සෙල්ලම් කරන මෙවැනි නිලදාරීන් නිසා රට විනාසයට යනවා
උන්නැහේට හරි සනීප ඇති ගෝඨා ලඟින් වාඩි වෙලා ඉන්නකොට! මුන්නැහේ විශේෂඥ වෛද්‍යවරයකු වුණත් සාමාන්‍ය බුද්ධියක් නැති කෙනෙක් වගෙයි. මුළු ජීඑම්ඕඒ එකම දේශපාලන ව්‍යාපාරයක් බව මේකෙන් පැහැදිලි වෙනවා. වෘත්තියටත් ලැජ්ජයි! මොහු තනතුරෙන් වහාම ඉවත් කල යුතුයි.
එෆ්සීඅයිඩි යට බරදෙමු . ඒ ගොල්ලෝ හරියට වැඩේ කරයි . හිටපු ලොක්කාගෙන් විස්තර අහගමු !
ඔය පාදෙණිය වගේ විශේෂඥවරු තමයි තව වැඩිපුර විශේෂඥයින් බිහිවීම වළක්වන්නේ... පශ්චාත් උපාධි ආයතනය විශේෂඥයින් බිහිවීම වළක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. එතකොට ඉන්න අය ටික දෙනාගේ ඉල්ලුම වැඩිවෙන හින්දා...
දැන් වත් තේරෙනවද මොකද මෙයා සයිටම් එක වැස්සෙව්වේ කියලා ?
තමන් කැමති අපේක්ෂකයා දිනවීමේ අරමුණින් අහිංසක රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්.
රජයේ විධායක නිලධාරියෙක් දේශපාලන උත්සවයකට සහභාගිවිය නොහෑකි වුණත් , වෘත්තිය සමගි නායකයෙකුට දේශපාලන කටයුතුවලට සහභාගි විය හෑක
ගෝඨාභය අයියේ.., ඔයා දින්නට පස්සෙ ගවර්මන්ට් රෝහල් සේරම වහන්න.. හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කාෙලෙජ් නම් ඕපන් කරන්න එපා.. අපි ඔයාව දිනවන්නම්..
මෙය රෝගීන්ව උකස් තියලා පොහොට්ටුවට කඩේ ගිය බව රටේ කවුද නොදන්නේ? මෙය බලාගෙන ඉන්නේ ගෝඨාගේ ආණ්ඩුවේ සිහින සෞක්‍ය අැමැති වෙන්නනේ...