(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රතිකර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇඳ මාංචු සහ අත් මාංචු කූට්ටම් යවා ඇතත් වෛද්‍ය නිර්දේශ මත ඒවා නොදැමූ බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවැසීය.
බන්ධනාගාර නියෝග වලට අනුව සැකකරුවෙකු හෝ සිරකරුවෙකු රෝහල්ගතවූ විගසම ඇඳ මාංචු දැමීම සිදුවන බවත් සැකකරු පලායාම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට එහි හෘද රෝග ඒකකයේ පසුවෙයි.
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් යටතේ නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාවට ඒ මහතාට ලබාදී ඇතැයිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විහිළුකාර රටක්.! මේක රටක්ද? කෝලන් මඩුවක්ද ?
කුඩාකල දෙමාපියන් දුන් ඔවදන් මතක් උනේ..// කිසිදින පුතේ බොරු නොකරන් කිසිවිටක..// එක් බොරුවක් වැසීමට බොරු දාහක්වත් ඕනෑලු..// ඔවදන එය වුණත් මෙය එයටම ගැලපෙන්නේ..//
පැදුරේ සිටින අවංකයා නැත බිම වැටෙන්නේ..// ඇඳ උඩ ඉන්න වංකයා වැටෙනා බව නොදන්නේ..// ඒබව මෙමගින් හොඳටම පැහැදිලි නොවන්නේ..// අවංකයා දුටුතැන දෙවියොත් හිස නමන්නේ..//
රටේ ඉහළම ආරක්ෂක පුටුවල හිටපු අය මේ තරම් බරපතල ලෙඩ්ඩුද? අනිවාර්ය නිවාඩු නෙමෙයි පැන්ෂන් දීලා ගෙදරම යවන්න ඕන දෙන්නෙක්නේ...
මොවුන්ගේ මේ හැසිරීමෙන්ම පේනවා මොවුන් වැරදි බව. නිවැරදි නම් නීතිය ඉදිරියට ගිහින් එය බය නැතුව ඔප්පු කරන්න ඕනේ. තමන්ම ඒ නීතිය කලකට පෙර නියෝජනය කළා, ඒ නීතිය භාවිතයෙන් හමුදා නිලධාරින් කීයක් හිරේ දැම්මද? ඔවුන්ට මාංචු දැම්ම නමුත් ඔවුන් කිසිවෙක් ලෙඩ වුනේ නැහැ. නිර්භීතව එයට මුහුණ දුන්නා. මොවුන් දෙන්නත් දේශපාලකයන් අතරත් වෙනසක් නැහැ වගේ..
අන්තිමට වුනේ ගෙදර තිබුණු "මුව හමයි, අං තට්ටුවයි" වැරදිකාරයො වෙලා, අර රට කරවන, මේ "සංහිඳියාව" මුමුණ මුමුණ බුද්ධි අංශය හිරේ දැම්ම ලොක්කා කොමිටියට පින් සිද්ධ වෙන්න නිදොස් කොට නිර්දෝෂී උනා නෙවැ...
මෙන්න නීතිය කොරවෙන හැටි..
ඇත්තටම කණගාටු වෙනවා ඔබතුමාට අත්වුණ ඉරණම ගැන.
දැන් ඔය බන්ධනාගාරේට යන දේශපාලකයින් හා රටේ ලොකු තනතුරු දරපු නිලධාරීන් ඇත්තටම ලෙඩ්ඩුද? එහෙම නැතිනම් ඔතන ඉන්න දොස්තරලා වෙද තියරිය අනුව රෝගී තත්වය නිර්දේශ කිරීමක්ද?
බලය ගිලිහීමත් සමග සිදු වන දේ බලන්න. බලය තාවකාලිකයි.
රජයේ සේවයේ ස්ථීර කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරනවා නේද? ඇයි මේ ලෙඩ්ඩු මෙඩිකල් ෆෛල් කරලා රස්සාවෙන් එලවන්නේ නැත්තේ?
බැරිද නීතිය චුට්ටක් විතර නමන්න..?
හදිසි නීතිය පනවා ඇති අවස්ථාවකදී පොලිසියට තීන්දු තීරණ ගැනීමට ක්‍රමවේදයක් තිබෙනවා සේම හදිසි නීතිය නැතිවිටද පොලීසිය තීන්දු තීරණ ගන්නා ක්‍රමවේදයක් ඇත. හදිසි නීතිය නැතිවිට රටේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය නායකයාගේ උපදෙස් මත පොලිසිය ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රමවේදය නොවේද? පාස්කු ඉරිදා ව්‍යවසනය හදිසි නීතිය නැති අවස්ථාවක සිදුවූවක් නොවේද..?
පොලිස්පති නිවාඩු බලෙන් යවා මාංචුදාන්නත් යන්නේ මේ ජනපතිට මොකක්ද දෙයියනේ හැදුනු අසනීපේ...? අපිට මතකයි අපි මැරිලා ඉපදිලා නෑ ශිරන්ති රාජපක්ෂ මැතිණිය කතානායක නිලනිවසට කැන්දන් ගොස් සී.අයි.ඩී. නිලධාරින් එතැනට ගෙන්වාගෙන කටඋත්තර ගත් යහපාලන ආණ්ඩුවේ වැඩ අැයි මේ රටේ පුරවැසියන්ට නීති දෙකක්...?
ළඟ එන සියලු මැතිවරණ වලින් ජනාධිපති ඇතුළු සියලු පිරිසට ජනතාව කතිරයෙන් තීන්දුවක් දේවි... එතෙක් ඉවසමු...
පොලිස්පති තුමාව නීතිවිරෝධී 19 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නිවාඩු බලෙන් යවා නීතිපති ලවා මාන්චුදාන්නත් යන්නේ මේ ජනපතිට මොකක්ද දෙයියනේ හැදුනු අසනීපෙ .... අපිට මතකයි අපි මැරිලා ඉපදිලා නෑ ශිරන්ති රාජපක්ෂ මැතිනිය කතානායක නිල නිවසට කැන්දන්ගොස් සි .අයි .ඩී. නිලධාරින් එතනට ගෙන්වාගෙන කටවුත්තර ගත් යහපාලන ආණ්ඩුවේ වැඩ අයි මේ රටේ පුරවැසියන් ට නීති දෙකක් . ?
33 කෝටියක් දෙවිවරු සිටිති එයාලා මේවාට නිසි දඩුවම් දෙවි අපි බලන් ඉමු .
මේ සියල්ල පසුපස සිරිසේන සහ මහින්ද යන දෙන්නාම තදින්ම ඉන්න බවයි මහජන මතය....
තෙරුවන් සරණයි... ජේසු පිහිටයි... පොලිස්පතිතුමාට ...!!!