(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
මහියංගන දඹාන ගුරුකුල විදුහලේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතා විසින් රචිත 'වැදි භාෂාව' නැමති කෘතිය දොරට වැඩුම බදුලු ජාත්‍යන්තර පොත් වසන්ත ප්‍රදර්ශනයේදි අද (25) සවස සිදුවිය.
පොත් ප්‍රදර්ශනයත් සමග පැවති උත්සවයකදී වැදි භාෂාව නැමති කෘතිය දඹානේ ගුණවර්ධන විසින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පළමුව පිළිගැන්වීම සිදුවිය.
දඹානේ ගුණවර්ධන විසින් දඩබිමෙන් දඩබිමට,තුන්යම සිහින නව කතා සහ වැදි ගී විමසුම, වන අරණේ අපි කාව්‍ය, පුංචි දෙමටා ළමා කතා සහ වන්නිලඇත්තෝ නැමති කෘතින් රචනාකර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ආසයි මේ වැදි භාෂාව පොත කියවන්න. වටිනා වගේම දුර්ලභ පොතක් විදහට මේ පොත සලකන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මේ පොතමිලට අරන් ලංකාවේ සියලු පාසල් පුස්තකාල වලට බෙදා හරින්න කටයුතු කරා නම් හොඳයි. හතේ අපේ පොතට තිබ්බ උද්යෝගය මේ වගේ පොත්වලටත් තියෙනවද කියලා බලන්න පුළුවන්.
වැද්දන්ටත් වඩා අන්ත ලෙස සමාජයේ හැසිරෙන ජනතාවක් වෙසෙන රටකට, වැදි භාෂාව පමණක් නොවේ, වැද්දන්ගේ ජීවන රටාවෙනුත් ඉගෙන ගත හැකි දෑ බොහෝයි. හොඳ වෙලාවට මේ රටේ ගෞරවනීය වැදි ජනතාවක් ජීවත් වුනේ... එසේ නොවුණා නම් මේක තනිකරම මිලේච්ඡයින් පමණක් වෙසෙන පාරාදීසයක්...
මොකද්ද ඉතින් හැම වර්ඩ් එකටම පොජ්ජ දැම්මම ඉවරයිනේ...
ගුණවර්ධනයන්ගේ දඩබිමෙන් දඩබිමට විශිෂ්ට කෘතියකි.
ලංකාවේ මූලිකම භාෂාව වන වැදි භාෂාව අපොස සා/පෙළදී අනිවාර්ය කරන්න.