
(තිසර සමල්)
වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මඩේ එරී සිටියදී මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ පශු වෛද්‍යවරු කටයුතු කළහ.
කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන අලි පැටවකු අද හමුව තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශුවෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කළහ.
එම වන අලි පැටවා තරමක දුර්වල මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරණු කළ අතර අනතුරුව මහත් පරීක්ෂමයක් දරමින් කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගෙන පසුව රක්ෂිතයට පලවා හරිණු ලැබූවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මිනිස්සු...!
අට මහ කුසලකි බණ තුන් සරණේ කියලා තුන්සරණය කියවන උපාසක ඇත්තෝ කියනවා ඇහිල තියෙනවා මහත්වරුනි ඔබතුමන්ලා සැමටම තෙරුවන් සරණයි