(යොහාන් භාසුර)
ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් මහතා අද (11) පස්වරුවේ පැවසීය.
මහජන සේවා හෙට පෙරවරු 7.00 සිට සිට යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.
ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබාදී ඇති බැවින්, තවදුරටත් රට තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මවීම වැලකිය යුතු බවත් ආගම් අන්තවාදීන්, හොරුන්, දේශපාළණ මැරයින්, හොරුන්ට ජන අරගලය අතට ගැනීමේ ඉඩ වැලකිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන්
primeshika Wednesday, 11 May 2022 05:03 PM
එතකොට මේ ඔක්කොම කළේ එජාප ආණ්ඩුවක් හදන්නද?
චමින්ද Wednesday, 11 May 2022 06:35 PM
225 ක් සිටියයුතු තැනක එක අයෙක් සිට ආණ්ඩුවක් හදන්නේ කොහොමද?
මැක්ස් Wednesday, 11 May 2022 07:02 PM
දෙයියන්ගෙ නාමෙන් රට යථා තත්ත්වයට පත් වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඔබේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගන්න. ස්තුතියි. මේ පණිවිඩය අර ජෝසප් ස්ටාලින් කියන පුද්ගලයාටත් කියන්න. මොකද අපේ ළමයි ඔය කිසිදේකට පලි නැති නිසා....
සෙනෙවි Wednesday, 11 May 2022 07:12 PM
"අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයින්ට මහජනතාව නිසි දඬුවම් ලබාදී ඇති බැවින්," නිවාස ගිනි තැබීම්... මිනීමැරීම් අනුමත කරනවා වගෙයි පේන්නේ..