
(නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන මාර්තු මස 17 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගී ඒ අසල සිටි අතර, ඒ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිය විරෝධය පළ කළේය.
සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර සිටියේ
සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බවය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ , අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කරනු ලැබ ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තෙක් වැළැක්වීමක් මිස සැකකරුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවය.
පසුව එම නඩුවේ සැකකරුගේ නම නැවත හඬනගා ආමන්ත්‍රණය කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අධිකරණ භාෂා පරිවර්තකවරියට නියෝග කළේය.
ඒ අනුව අධිකරණ භාෂා පරිවර්තකවරිය සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම උස් හඬින් ආමන්ත්‍රණය කළ පසු සැකකරු විත්ති කූඩුවට ගොඩ විය.
මින් ඉදිරියේදි මෙම නඩුව නැවත කැඳවන සෑම අවස්ථාවකදීම සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට නගින ලෙසට දැනුම්දෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුට තරයේ අවවාද කළේය.
මෙම පෞද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැති සිරිසේන.
මුන් හිතාගෙන ඉන්නෙ රජ වරු කියල , රට විනාශ කල පව් කාරය තමත් පාර්ලිමේන්තු වරප්ප්‍රසාද වලට මුවාවෙල තමන් හරි කියල කියනව .අධිකරනයට ස්තුතිවන්ත වෙනව නීතිය කාටත් එක සමානයි කියල මේ හරකට පෙනිනපු එක , මුලු රටම කබාසිනිය කල රාජපක්ෂ පවුලටත් හරියට නීතිය ක්‍රියාත්මක වෙයි කියල බලාගෙන ඉන්නව.
සිරාගේ උද්දච්ඡකමට ඔහොම වෙච්චි එකමයි හොඳ... ඕවා තියෙන්නේ කුකුළන්ට නෙවෙයි කියලත් ඉගැන්නුවා නම් තමයි හොඳ...!
නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වේ...
අධිකරණයේදීවත් හැසිරෙන්න දන්නේ නැහැ...
දෛවය කියන්නේ මහා පුදුම දෙයක්... එය අපිට සරදම් කරන අවස්ථා එහෙමත් නැතිනම් කෝචෝක් කරන අවස්ථා කොතරම්ද? දෛවයේ සරදම මනාවට පෙන්වාදුන් සිදුවීමක්.. බලන්න සිරා මහත්තයා රජවෙලා හිටපු කාලේ තිළිණ ගමගේට අලියෙක් නීති විරෝධී ලෙස තබාගත්තාට නඩුවක් තිබුණා. දැන් සිරා විත්ති කරුවෙක්. අන්තිමට බයකරලා කූඩුවට නග්ගා ගත්තාලු. බලන්න සිරා අද මේ මුහුණ පෑ සිද්ධිය සිදු නොවීමටත් තිබුණා.. එදා තිළිණ ගමගේ කළ වැරැද්දට සිරගත කිරීමට විරුද්ධව අනිතික ලෙස බලය නොයෙදුවානම්. සිරා මහත්තයා , මේ ඇරඹුමක් පමණයි. දවසක ඔබට සූත්තර පුන්චා සමග එකම කූඩුවක් "ෂෙයාර් "කිරීමට ඉරණම තීන්දු කරලාද කවුද දන්නේ...?
ග්‍රාමසේවකයෙක් ගිය උඩ කිවුවලු