(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසා එකී පනත යටතේ නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරී ඇත.
එකී පනතේ 82 (1) වගන්තිය අනුව අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් " වත්කම් හා බැරකම්" ප්‍රකාශ කළ යුතු වේ.
" වත්කම් හා බැරකම් " යන්නෙන් ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත, සෘජුව හෝ අර්ථදායක ලෙස හිමි නියෝග මඟින් එහි විස්තර නියම කරනු ලැබිය යුතු වත්කම්, බැරකම්, ආදායම්, වියදම් සහ පොලී මුදල් අදහස් කරනු ලැබේ.
ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2025 දූෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක් එයි