IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වත්කම් ප්‍රසිද්ධ කර ඇත්තේ 225න් 12යි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ  කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස  දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා අගමැති,ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තුවේ  සියලු දෙනා  ජනතාවට බලා ගත හැකි අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා කීය.

එම වත්කම් ප්‍රකාශන තෝරා ගත් වෙබ් අඩවියක 2024 ජුලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ ආකාරයට මූල්‍ය අරමුදල නිර්දේශය 16ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබෙන බව කී  හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි වැරදිදැයි ප්‍රශ්න කළේය.

 



අදහස් (7)

වත්කම් ප්‍රසිද්ධ කර ඇත්තේ 225න් 12යි

විපරමා Wednesday, 04 October 2023 06:32 PM

දියවන්නාවේ ඉන්න බලලෝභී, දූෂිත දේශපාලුවන්ට ඔවුන් මහාපරිමාණ හොරකම්ව, වන්චා, දූෂණ වලින් ගසාකාපු දේවල්වල තරම ඔවුන්වත් හරියට දන්නේ නැතුව ඇති.

:       0       0

Premarathne Pitagampalage Wednesday, 04 October 2023 07:45 PM

12 දෙනාගේ නම් ටික ප්‍රසිද්ධ කරන්නකෝ

:       0       1

Rata Perata Wednesday, 04 October 2023 08:28 PM

ඒ උනාට මේ පාර දේශපාලුවෝ කතා කරන්නේ නම් සුදනෝ වගේ.රනිල් වගේ දුර්වල මිනිහෙක් ට මේවා නියාමනය කරන්න ශක්තියක් නෑ .ඉක්මනට රට බේරාගන්න මානසිකව සූදානම් වෙන්න

:       1       3

Perera Wednesday, 04 October 2023 11:36 PM

ඒ දොළොස් දෙනා කවුද කියලා කියන්න

:       0       7

Raman Thursday, 05 October 2023 02:31 AM

ඒ දොළොස් දෙනාගේ නම් දාන්න. එතකොට ඒ අවංක අයව අපි නැවතත් ඡන්දය දීලා තෝරා ගන්නම්. වැඩේ කියන්නේ විපක්ෂ නායක තුමාගේ කට්ටියෙත් ලොකු කොටසක් එහෙනම් වත්කම් කියන්නේ නෑ. පොහොට්ටුව විතරක් නෙමෙයි හොරුන්ට නවාතැන් දෙන්නේ.

:       0       6

An honest politician Thursday, 05 October 2023 10:06 AM

වත්කම් ප්‍රකාශ නොකළ මන්ත්‍රීවරුන් 213ක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරන්න. ඒ වත්කම් විකුණන්න මැතිවරණයට අවශ්‍ය මුදලට වඩා සල්ලි තියෙනවා.

:       0       6

Bunny Preena Thursday, 05 October 2023 10:44 AM

වත්කම් සම්බන්ධව බොරු ලැයිස්තුවක් හදන්න පොඩි කාලයක් දෙන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site