
(රංජිත් රාජපක්ෂ)
ලිදුල වෝල්ට්‍රීම් වතුයායේ වතු නිවස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස 10ක සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
එක් නිවසකින් හට ගත් ගින්න සීඝ්‍රෙයන් සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න වතු කම්කරුවන් සහ ලිදුල පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වී ඇත.
ගින්නෙන් පවුල් 10කට අයත් සාමාජිකයන් 35 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර, අවතැන් වුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවාසවල සහ වතුයායේ පාසලේ තාවකාලිකව නතර කිරිමට පියවර ගෙන ඇත.
අවතැන් වුවන්ට අවශ්‍ය ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නෙමැති අතර, ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් බඩු භාණ්ඩ ආදිය විශාල වශයෙන් විනාශ වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd