
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල ලොකු රහන්වත්ත වතුයායේ වතු ලයිම් කාමර නිවාස පෙළෙක අද (04) අලුයම ඇති වු ගින්නකින් වතු ලයිම් නිවාස තුනක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
වතු නිවසක හට ගත් ගින්න නිවා දැමීමට වතු කම්කරුවන් එම නිවාසයේ දෙපස පිහිටි නිවාස දෙකෙහි සෙවිලි තහඬු ගලවා කඩිනමින් කටයුතු කිරීම හේතුවෙන් විශාල විනාශයක් වැළැකී ගොස් තිබේ.
ගිනි ගැනීමෙන් එක් වතු නිවාසයක් සම්පුර්ණයෙන් විනාශයට ලක්ව එහි පැවැති දේපළ විනාශයට පත්ව ඇති බවත්, ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.
වතු නිවාස තුනෙහි පදිංචිව සිටි පුද්ගලයන් 10 කු පමණ මේ හේතුවෙන් අවතැන්ව ඇති අතර, ඔවුන් මේ වනවිට තාවකාලික ස්ථානයක නැවත්වීමට වතු පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd