(යොහාන් භාසුර)
අධිකරණ නියෝගය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන් කටයුතු කළ යුතු යැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.
වතු සමාගම් අධිකරණය ලබාදුන් නියෝගය අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රුපියල් දහසක දෛනික වැටුප සමස්ත ශ්‍රී ලංකාවේම වතු කම්කරුවන්ට ලබාදීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.
රජය යටතේ පවතින වතු සමාගම් මේ දක්වා රුපියල් දහස ගෙවා නොමැති බවත් ‘කොරෝනා’ වසංගතය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම නිසා ජනතාවට බඩගින්නේ මැරෙන්න සිදුවෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙම තත්ත්වය පිළිබඳව ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට ද සූදානමින් සිටින බව මන්ත්‍රීවරයා කීය.
රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා එසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙසේ ද පැවසීය.
“හාම්පුතුන්ගේ සංගමය වතු කම්කරුවන්ගේ බෙල්ල මිරිකලා නැවත සුද්දන්ගේ කාලෙට ගෙනියන්න හදනවා. මම ඉල්ලා සිටිනවා වෘත්තීය සමිති කොනිත්තන්න එපා කියලා. එහෙම වුණොත් බඹරු ඇවිස්සුණා වගේ තමයි.
අහිංසක වතු කම්කරු ජනතාවට රුපියල් දහස ගෙවන්න උසාවිය නියෝග කළා. ඒත් මේ දක්වා වතු හාම්පුතුන් ඒක ගෙවන්න කටයුතු කරලා නෑ.”
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘