
(අංජුල මහික වීරරත්න)
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.
ආයෝජන කළ හැකි සෑම බිම් අඟලකම අලුත් ආයෝජන ඇති කරන්නට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
"කොළඹ වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩු වාණිජ වටිනාකම් තිබෙන ඉඩම් නිකම් තියාගෙන වැඩක් නැහැ. ඒවා ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව හොඳ ආයෝජකයන්ට එම වාණිජ ඉඩම් ලබා දීමට කටයුතු කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
වටිනාකමකින් ඉහළ රජයේ ඉඩම් ටික හිතවතුන් ට සහ විදේශ රටවලට දෙන වැඩපිළිවෙළක් ඔය. ඔය විදියටම තමයි කලින් ආණ්ඩුත් කිව්වේ. ඒ කාලේ ෂැන්ග්‍රිල්ලා එකට ගෝල් ෆේස් එක ඉස්සරහා ඉඩම් දෙන කොට ඔබතුමා මොනවද කිව්වේ...? ඇත්තටම මේ ඉන්නේ ඒ අනුර කුමාර දිසානායක මැතිතුමා ද?
ඉස්සර හිටපු ආණ්ඩුත් මේ වගේ දෙයක් කරන්න හැදුවොත් එක කට්ටියක් මාරාන්තික උපවාස පවා කරන තරමට දුරදිග ගියා. රාජ්‍ය දේපළ විකුණන් කනවා කියලා තමයි උන් කිව්වේ.
රනිල්ගේ වැඩේ රනිල්ට වඩා හොඳට කරන් යන පාටයි. කලින් කිව්වේ මොනවද ? දැන් කියන්නේ මොනවද?
එදා අනුර කුමාර නික්ම්ම නිකම් මන්ත්‍රි කෙනෙක් විතරයි. අද එයා රටේ ජනාදිපති. එදා මෙවැනි දේවල් කෙරුවේ. ජනපති වෙසින් හිටපු කම්බ හොරු. දේපල කුනුකොල්ලෙට විකුණලා කොමිස් මුදල් ඊට වැඩියෙන් අරන් තමන්ගේ සාක්කු පුරවන බව අනුර එදා දන්නවා ඒ නිසා විරුද්ධ වුණා. ඔයා පිරිමියෙක් නේද රටේ දේශපාලුවෝ ගැන දන්නෙම නැද්ද. සේරම කඩේ යන පල් හොරුන්ටා අනුර කුමාරගෙ හරි තීරණ වැරදියට පේන්නෙ කොහොමද. මේ හොර නඩේ බොරු නම්වලින් මේවා ලියන්නේ. මාලිමාවේ හොරු නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
කලින් ආණ්ඩු රජයේ ඉඩම් එක එක ආන්ඩුවේ එවුන්ගේ හිතුමතේට දුන්නේ. උන් එකතු වෙලා උන්ගේ සාක්කුවට ගාණක් දාගෙන. දැන් එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඕකයි වෙනස.
යකෝ ඒ කාලේ හිටපු අනුරද මේ ඉන්නෙ?? දැන් මේවා කියන්නේ කටින්ද ??
බොරු ගොතමින් රට ගෙනියන්න බැහැ. මේවා ක්‍රියාත්මක කළාට පස්සේ තමයි මාධ්‍යට කියන්න ඕනෙ.
ආයෝජකයන් වෙනුවට හිත මිතුරු යන වචන හොඳින් ගැලපෙන බව යෝජනා කරමි.