
( තිලකරත්න දිසානායක.)
පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ ගම්පහ නගරයේ වෙළඳුන් හතරකට දෙනකුට නීතිමය පියවර ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය
බිත්තර අලෙවි කළ යුතු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් දැනුම්දීමක් කර තිබියදී එය නොසලකා හරිමින් රුපියල් 60 සහ 65 වැනි වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවත් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා දිස්ත්‍රික්කය පුරා වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ගැසට් පත්‍රය මගින් සුදු බිත්තරයක් අලෙවි කළ හැකි මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක් අලෙවි කළ හැකි මිල රුපියල් 45 ක් වශයෙන් නියම කොට ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම් සිදු කොට ඇති අතර අත් අඩංගුවට පත් වෙළඳුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර වලට උපරිම මිල ගනනයකල කෙනගෙ මොලේ පොඩ්ඩක් බැලුවනම් හොඳයි. කුකුලු කෑම කොට්ටයක් තුන්ගුනයකින් වැඩිවෙන්න කලින් බිත්තරයක් තිබුනෙ, රුපියල් 18 ට 20ට. රුපියල් 4,500 ට තිබුනු කුකුලු කෑම කොට්ටෙ 14,000 ට ගියම කොහොමද බිත්තර 43 දෙන්නෙ ? මෙ හදන්නෙ කුකුලු ෆර්ම් ටික නැතිකර ඉන්ඩියාවෙන් බිත්තර ගෙනල්ල කොමිස් ගහන්න. බිත්තර වලට උපරිම මිලක් දමන්න පුලුවන් නම්, එයට වඩා ලෙසියෙන් මාලුවලට උපරිම මිලක් දමන්න පුලුවන්නෙ. මොකද මාලුන්ට කන්ඩදීල හදනවද ?