(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පැතිරීම බොහෝ සේ ඉහළ ගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ඊට පසු වැඩිම කොවිඩ් පැතිරීමක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද ඇය සඳහන් කළාය. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිසා කොවිඩ් පැතිරීම මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බොහෝ දෙනකුට රෝග ලක්ෂණ නොමැතිව රෝගය වැළඳීම මෙවර විශේෂිත ලක්ෂණය බවද පැවසුවාය.
එලෙස රෝග ලක්ෂණ මතු නොවූවත් වයස්ගත පුද්ගලයන්ට සහ විවිධ ආබාධවලින් පෙළෙන අයට මෙමගින් මාරාන්තික අවදානමක් මතු කරනු ඇති බවත් රට සාමාන්‍යවූ හෙයින් ජනතාවද සාමාන්‍ය ආකාරයට කටයුතු කිරීමට පටන් ගැනීම නිසා කොවිඩ් පැතිරීම මේ ආකාරයට වේගවත්වූ බවත් ඇය කීවාය.
රෝහල් ගත කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ වැඩිවී තිබෙන බවත් ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 8 කින් පමණ වැඩිවී ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
බොහෝ ජනතාව මූලික සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කිරීම කොවිඩ් පැතිරීමේ වේගය වැඩිවීමට ප්‍රධාන හේතුවක්වූ බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරිය විශේෂයෙන්ම මංගල උත්සව කොවිඩ් පැතිරීම වේගවත් කරන ප්‍රධාන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළාය.
පවතින තත්වය යහපත් නැති හෙයින් ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගෙන යාම යනාදී වූ සෞඛ්‍ය නීති පිළිපදිමින් දිගටම කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන බවද ඇය පැවසුවාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වැඩිම කොවිඩ් පැතිරීම ගම්පහ: ඊළඟට කොළඹ
sharm warn Wednesday, 26 January 2022 12:09 PM
ගම්පහින් තමයි කොවිඩ් ගෙනාවේ.