
(සුජිත් හේවාජුලි)
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.
ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බවටද වාර්තා වෙයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අධිකරණයෙන් නතර කිරීමෙන් පසු එම ධූරය තවමත් පුරප්පාඩුවී පවතින්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත්ම පොලිස්පති තනතුර ලැබෙයි කියලා හිතුවේ නැති ඇති, දේශපාලකයන් පස්සේ නොගිහින් .....
පැමිණ ඇති ගමන් මගට අනුව ඔබ සැබෑ දක්ෂයකු විය යුතුය. සුබ පැතුම්..
ඔහු නීතියට ගරු කරන සහ රටේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන අයෙකි
මීළඟ නඩු වාරයෙන්ම ඔබගේ තනතුර ස්ථීර වේවා!
රාලහාමි කෙනෙක් පොලිස්පති වුණා හරියට තඹුත්තේගම ගොවි පවුලක කොල්ලෙක් ජනාධිපති වුණා. මේවා දිරවන්නේ නැති වැඩවසම් යුගයේ අය මීලඟ ඡන්දෙන් ගෙවල් වලට සීමා කරමු.
කොස්තාපල් වරයෙකුට උපරිම යන්න පුළුවන් සහකාර පොලිස් අධිකාරී දක්වා පමණයි කියන්නේ බොරුවක්...!
වර්තමාන දේශපාලන පෙරළිය නොවෙන්න ඔබට මෙය සිහිනයක්... ඔබට සුබ පැතුම්..! රාජකාරි අකුරටම කරන්න...
රාජකාරිය දේවකාරිය සළකා සේවය කිරීමට සියලු ශක්තිය, දහිරිය නිරතුරුවම ලැබේවා..!.