IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක්

(රෝෂන් තුෂාර)

ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවය.

අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා ඇත.

සියලු අධිකරණවල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමටද කටයුතු කර ඇත.

සිද්ධිය උදෑසන සිදුවූ අතර මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස්‌ කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.

පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කරඇත.

 



අදහස් (2)

වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක්

ජයනාත් Wednesday, 19 February 2025 11:56 AM

මෙවැනි පුද්ගලයන් ගෙනෙන විට පහුගිය අත්දැකීම් අනුව මෙ ආකාරයෙන් දේවල් සිදුවන බව ⁣ආරක්ෂක අංශ නොදන්නවා නොවෙයි . උසාවි දිනවල දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණේ නම් අඩුගානෙ වෙඩික්කාරයා වත් අල්ලගන්න තිබුණ.

:       0       0

ආච්චි Wednesday, 19 February 2025 12:18 PM

ඉස්තාලෙ පට පට ගාලා වහපු පොලිසියට අපගේ ප්‍රණාමය...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site