ඉන්දිකා රාමනායක)
සොරකම් රැසක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළ දි හදිසියේම රෝගී ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.
යාපනය කාරණාවෙඩ්ඩි සින්නකර්නි පදිංචි නාගරාසා ඇලෙක් (26) නමැති තරුණයා මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම තරුණයා වඩුඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (20) පැවැත්වීමෙන් අනතුරුව පහරදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් සිය වාර්තාව මගින් දන්වා තිබූ බවද එම උසස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මාරුවක් ලබාදීම පමණක් සෑහෙයිද?
මිනිස්සු නීති විරෝදී වුණාට පොලීසියට නීතිවිරෝධී වෙන්න බැරි බව අපේ රටේ බොහෝමයක් පොලිස් නිලධාරීන්ට තේරුම් යන්නේ එයාලාටත් කම්බි කූරු ගනින්න වුණූ දාටයි. මේ මිනිස්සු දෙන්නාටත් එම තත්වය ඇතිවීමට බොහෝදුරට ඉඩ තියෙනවා. ඔබලා බලුවැඩ කළාම ඔබලාට විතරක් නෙවෙයි... අපරාදේ ඔබලාගේ දරු මල්ලන්ටත් ඒවායින් විඳවන්න වෙනවා කියලාවත් හිතපල්ලා.