
(රෝෂන් තුෂාර)
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද (30)නියම කළාය.
කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙළඳ සැලක හිමිකරුවකු අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් පසුව මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූ හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd