මහේෂ් කිර්තිරත්න
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (25) මාතලේ දී පැවසිය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල මාතලේ නගරයේ දී විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිලදී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ. මෙම ඖෂධ ජාවාරම් මගින් මුදල් හම්බ කළ අයට විශාල පාඩුවක්. ඇතැම් වෛද්‍යවරුන්ට සමාගම් මුදල් ලබාදෙනවා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා, කළමණාකාර අධ්‍යක්ෂක වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් මේ තොගය තහනම් කරපු නිසා මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න වුණා කියලා ප්‍රවෘත්තියක් ආවේ නැත්නම් තමයි පුදුමේ.
ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීම ඉතාමත් හොඳ වැඩ පිළිවෙලක්.
කොමිස් පොඩ්ඩෝ ටික බෙදාගෙන වගේ. ලොක්කන්ට සුම්මා නේද?
අසරණ රෝගීන් වෙනුවෙන් ජාවාරම් කරුවනට එරෙහිව ගෙනයන සටනට ස්තුති.
දැන් බෙහෙත් නැ..
මේ වගේ කතා නම් පිළිගන්නෙ කොන්ඩෙ බැදපු චිනු වගේ එවුන් උනාට මොලයක් කියල දෙයක් තියෙන එකෙක් නම් මෙයාගෙ ටොම් පච ගැන හොඳට දන්නවා. කාලය ඉකුත් වෙච්ච බෙහෙත් තමන්ම වැඩි මිලට අරගෙන ඒව ගැන එළිදරව් වෙද්දී තමන්ම ඒ බෙහෙත් තහනම් කළා කියල පච හෙලන මේ වගේ අය පන්නන්න ඕනෙ.