(පද්මසිරි ගාර්දියවසම් )
වලස්මුල්ලේ සිට හක්මණ දෙසට එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත් ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේ දි ටී 56 ගිණි අවියකින් අහසට වෙඩි තැබූවද ත්‍රීරෝද රිය නොනවත්වා පලාගිය බව වලස්මුල්ල පොලිසිය කියයි .
අද (29) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුට තුවාලයක් හෝ හානියක් සිදුවී නැතැයි පොලිසිය පවසයි .
පොලිසිය අහසට වෙඩි තැබූවද නොනවත්වා පලාගිය ත්‍රීරෝද රිය හක්මණ ,මී ඇල්ල මුස්ලිම් පල්ලිය පිටුපස අතහැර දමා සැකකරුවන් පලාගොස් තිබේ .
ත්‍රිරෝද රථය හා එහි පටවා ගෙන පැමිණි එළ ගවයා පොලිස් බාරයට ගෙන ඇත .
තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න ,තංගල්ල සහකාර පොලිස් අධිකාරි (2) ආර්.ඒ.එම්.ජේ.ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වලස්මුල්ල පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි මැද හරක් හොරු පනිති
JOSEPH Thursday, 29 June 2023 10:38 AM
හජ් සමරන්න
Bamunuarachchi Thursday, 29 June 2023 04:17 PM
ජවිපෙ කාරයෝ වෙන්න ඇති...