IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෝඩ් පෙදෙසේ ඝාතනයට දෙකක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුඳු වත්ත වෝඩ් පෙදෙස ජාතික දන්ත රෝහල ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට  පිහියකින් ඇන ඝාතනය කර ත්‍රීරෝද රථය තුළට දමා පලා ගිය තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙකු, සොරා ගත් ත්‍රීරෝද රථයක් සමඟ ග්‍රෑන්ඩ්පාස්  ස්ටේට් පුර සමගි මාවතේ දි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන සැකකරුද සිටින බවත් එම සැකකරු සන්තකයේ තිබී ඝාතනයට යොදාගත් උල් පිහිය සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 30 මිලිගෑම් 130 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ඝාතනය ඉකුත් 23 මධ්‍යම රාත්‍රියේදී සිදුකර ඇත්තේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑමට බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

එලෙස ඝාතනයට ලක්ව තිබුනේ ගොඩකවෙල බලවින්න අංක 105/ ඒ 3 ලිපිනයේ පදිංචිව සිටි ඩි ඩබ්ලිව්  චමින්ද කුමාර 34 යන අයයි.

සැකකරුවන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය සහ පලා ගියා අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශනාවේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් ආර් චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මදුසංක , පොන්සේකා හා බණ්ඩාර පොලිස් සැරයන්වරුන්වන 51237 බණ්ඩාර 61072 බණ්ඩාර 73011 සමන් පොලිස් කොස්තාපල්වරුන් වන 86169 හේරත් 88129ලසන්ත 11509 චතුරංග 3122උදයංග 1117 මදුමාල්  104739 මහරච්චි මහත්වරුන් පරීක්ෂණ පවත්වයි

ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද  පොලිසියේ ස්ථානාධිපති ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන්ද සහය දක්වා ඇත.



අදහස් (0)

වෝඩ් පෙදෙසේ ඝාතනයට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site