
(අංජුල මහික වීරරත්න)
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජෙප්පෙක් නොවෙයි වුණත් මඩකලපුවේ දරුදැරියන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන බලවත් ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. මොකද 1956 පචමහා බලවේගයේ විප්ලවීය ආනුභාවයෙන් අපේ දරුවන් බොහෝමයකට ඉංග්‍රීසි කතාව බැහැ ටිකක් හරි පුලුවන් නම් ඒක ජනාධිපති රනිල් මැතිදුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි... එතුමා නොහිටින්න ඩෙලික් මධ්‍යස්ථාන ඇතිකර ඉංග්‍රීසි ගුරුවරු නොගත්තා නම් ගම්බද දරුවන්ට කෙසේවත් ඉංග්‍රීසි ගුරුවරු ලැබෙන්නේ නැහැ. කොහොම හරි රනිල් මැතිතුමා තවත් කාලයක් රටේ ජනාධිපති වුණොත් අනාගත පරපුරට යහපත් වේවි...
ලෝකයෙන් අඩු පඩි ගන්න රටවල් අතර ප්‍රමුඛත්වය පකිස්ථානයට... 4 වෙනි තැන ලංකාවට... තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු පිහිටුවලා ලබා ගනිපු තැන හොඳයි නේද?