(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
ඒ සඳහා මුදල් කමිටුවේ වාර්තාව එනතුරු බලා සිටීමට අවශ්‍ය නැති බවත් මෙතෙක් කල් ආණ්ඩුව වැඩ කළේ මුදල් කමිටුවේ තීරණ අනුව දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වැටුප් වැඩි කරගත්තේ ආණ්ඩුව ගෙනා පනත උපයෝගී කරගෙන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ එදා නන්දලාල් ඉස්සර ඇඔරුනානේ, හර්ෂ එදා ගොත ගග හා කිව්වේ ගවනර් ඔයගොල්ලෝ පඩි වැඩිකර ගත්තට ප්‍රශ්නයක් නැහැ වැඩිකර ගත්ත ප්‍රමාණයෙයි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. එහෙම කියලා දැන් ආණ්ඩුවට කියලා වැඩක් නැහැ අහෝසි කරන්න කියලා.
මේ යකා මේ චන්ද කැම්පේන් එකක් ගෙනියන්නෙ..අනාත වෙලා ඉද්දි මහ බැංකුවේ උන්ගේ පඩිය උඩින් චන්ද හදා ගන්න ගේම් ගහන්න හදනවා..එදා හර්ෂ පැහැදිලිවම කිව්වා මේක මේ අලුත් පනතින් කරපු දෙයක් නෙමෙයි 1949 මුදල් නීති පනතින්ම තිබුණ දෙයක් කියලා..මෙයා මේ වෙන ගේමක් ගහගන්න දගලන්නෙ...
දුව එක්ක කොමිස් ගහපුවා... ජොබ් දෙන්න සල්ලි ගත්තුවා... බලෙන් ඉඩම් අල්ලගත්තුවා... ආපහු දෙනවද?