(චන්ද්‍රසිරි ගුණසේකර)
ඌරගස්මංහන්දිය හබුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකටද ලක්ව පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගිය වරෙන්තුකරුවා තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය.
සැකකරු පොලිසිය සමග පොරබැදීමේදී පොලිස් නිලධාරියකු තැබූ වෙඩි පහරින් සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර සැකකරු මේ වනවිට බන්ධනාගාර නිලධාරියකුගේ රැකවරණ යටතේ ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම සැකකරු පොලිස් වෙඩිපහර කාගෙන පලාගොස් තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ හබුරුගල තුඩුව බාලප්පුවත්ත ලිපිනයේ පදිංචි ජයසිංහලාගේ දුමින්ද සම්පත් නැමැති 36 හැවිරිදි අයෙකි.
මොහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණයේ,වරෙන්තු තුනක් ලබා සිටි අයකු බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි කා ගෙන දුව ගොස් පාළු නිවෙසක සැඟවිලා