(ප්‍රදීප් කුමාර කුලරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මත්තේගොඩ ප්‍රදේශයේ (07) දා පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා.එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැම්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරෙදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා.
වැටුප් වැඩි කරනවනම් පළමුව වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුද්ධයේ ඉන් අනතුරුව බවත් පැවසිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා, දහසකුත් බොරු බේගල් ගහලා බලයට ආවා. බලලෝභී, බඩගෝස්තරවාදී ගුණමකු ගති ඇත්තවුන්. සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකෑවා. ආර්ථික ඝාතකයින්. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා ජනතාව මහපාරට වැටෙන තැනට වැඩසිද්ද කරලා දැන් සුදනන් වෙන්න යනවා...!
කියනකොට එහෙමට වුනත් රජාණෙනි මට වෙනු සමා කරන කොට එය වෙනස්වු හැටි හොදින් දැනගෙන සිටිමි මා
තමුන් බලයේ හිටපු කාලේ ජනතාවට සළකපු හැටිත් අපි දන්නවා .
ආයෙත් බැරි මර ගාතේ හරි, ජානගත හුදී බයි සනුහරය සමග නැගිටින්න වගෙයි හදන්නේ...!
වැඩකට නැති රටම හූරන් කාපු හැතිකරේ අයගේ පඩි නෙවෙයි බෙල්ලම කපලා දාන්න ඕනෑ...
වැඩකරන අපේ විරුවා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ? වැඩකරන අපේ විරුවාට තමයි වැඩියෙන්ම පඩි වැඩි කරන්න ඕනේ. එයා තමයි හොඳටම කරේ...!
ඔබේ පරිපාලනයේ හැටියට.!!!
අපි හොයලා බලලා මොකක් හරි කරන්නම්
තව ඔහෙලටත් පඩි වැඩිකරගන්න හිතන්න ලැජ්ජාවක් නැහැ නේද?
හොඳටම මඤ්ඤං. ආණ්ඩුව කරවන්නේ පිංජනා එක්ක පොහොට්ටුවෝ කියලත් දන්නේ නෑ. එයත් කලේ තමුන්ගේ සනහුරේයි, එහෙයියෝ ටික ගොඩ දාපු එක. දැන් මං සුදනා වෙන්න, කොලේ වහලා කියවනවා. අර හොර පෙරකදෝරුවා උඩට ගන්න තමයි මේ තටමන්නේ...
ආගමික උත්සවයකින් අනතුරුව-උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
නිවන් සුව ලැබේවා ඔබට..?
මේ රටේ මහජනතාව යනු වැඩකරන ජනතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොවෙයි. සමස්ත ජනතාවගෙන් අතිබහුතරය ස්වයං රැකියාවල නියුතු පිරිස වන අතර එම බහුතරය වෙනුවෙන් රජයෙන් සිදු කරන්නේ කුමක්ද?
කවදත් ජනතාවගේ හදවතේ නායකයා දිගුකල් දිනේවා..!
අම්මේ මෙයාගේ තියන අනුකම්පාව මෙච්චර හොරා කාලාත් තවත් එනවනේ බොරු කියන්න. දැන් ඇවිද ගන්නත් බැහැ. ඒත් හොරකම් කරන්නමයි හිත... අපි පණ වගේ ආදරේ කරා මේ මනුස්සයාට... ඒත් දැන් නම් කියන්නේ හෙනම ගහපිය කියලා... මුලු රටම කෑවා... මොවුන් සේරටම නිවන් සැප ලැබේවා... ඔය හොරාකාපු සල්ලි මැරුණාම පෙටිටියට දාන්න කියන්න. එහෙ ගිහිනුුත් හොරකමි කරන්න එපැයි ඡන්දෙ ඉල්ලන්න වරෙව්කෝ... දෙන්නම් නියමෙටම...
එතෙර රැකියාවල නිරත අයගේ වැටුප් වැඩිකළ යුතුයි. එවිට වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එවන්න පුළුවන් කිසිම නීතියක් නෑ...
උසාවියෙන් වැරැදි කාරයෙක් වුණු මේ වගේ කෙනෙක් පස්සේ තවත් යනවා නම් හෙට ඉඳලා තණකොළ කපන්න. මිනිහෙක් එකපාරක් රැවටෙන්නේ විශ්වාසය මත, ඒත් දෙවැනි පාරටත් පස්සෙන් යන්නේ අපත කමට.. දැන්වත් මොලේ පාවිච්චි කරපල්ලා.
රටේ ණය බේරන්න. මේ රටේ දරුවන්ට කන්න පස් ටිකත් නැති වෙනවා...
මෙන්න කියපු දේ කරපු, කරන දේ නොසඟවපු ජාතියේ පියා...
2019 අවසානයේ යහපාලන ආණ්ඩුව විශ්‍රාමිකයින් සදහා වැටුප් වැඩිවීමක් දුන්නා ඒත් ඒක ක්‍රියාත්මක කරන අවස්ථාව වනවිට ආණ්ඩුව වෙනස්වීමට සූදානම් වීම නිසා දේශපාලන අතපෙවීමක් නිසා හෝ අසාධාරණ ආකාරයට එම වැටුප් ලබාදීම කරල තියෙනවා එහිදී පොහොට්ටුවෙ දේශපාලන හිතවතුන්ට වැඩියෙනුත් නැති අයට අඩුවෙනුත් වැටුප් ගෙවීම කලා ඒගැන ඇහුවාම වැඩියෙන් ලැබූ කෙනාගෙ අඩුකර අහවලා කියපු නිසා අඩුකරනවා කියලා අඩුකර තියෙනවා පැමිණිලි කල කෙනාගෙ වැටුපෙනුත් අඩුකර තියෙනවා එහෙම තමයි පොහොට්ටුවෙ කට්ටිය කටයුතු කරන්නෙ
කාටවත් වැටුප් වැඩි කරන්නේ කාගේවත් බුදලයෙන් නොවෙයි හිඟන්නා ගේ සිට පොහොසතා දක්වා මිනිස්සුන්ගෙන් ගන්නා නියම හා වක්‍ර බදු වලින්. සියළුම ජනතාවට සහන සැලසෙන්න අත්‍යවශ්‍ය බඩු මිල අඩු කරන්න. පිටරටන් ගෙන්වන යෝගට්, රසකැවිලි,වගේ දේවල් වලට බදු වැඩි කරලා පිටි මිල අඩු කරන්න.