(අංජුල මහික වීරරත්න)
රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
මෙලෙස විරුද්ධ වූ අයට යම්කිසි විසැඳුමක් තිබුණා නම් රට කඩාගෙන වැටෙන්න නොදී ගලවාගන්නට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය පාවිච්චි කරන්න තිබූ බවද අබෙිවර්ධන මහතා කීය.
පාර්ලිමේන්තුවේ තනි අසුනක් තිබුණු රනිල් වික්‍රමසිංහ කටින් බතල කොළ සිටුවමින් නොසිට වහා ක්‍රියාත්මක වී රට නගාසිට වූ බව කී අබේවර්ධන මහතා පාරේ පෝස්ටර් ගසා ජනතා ප්‍රශ්න වලට විසැඳුම් සෙවීමට නොහැකි බව සඳහන් කළේය.
රට ගොඩනැගීමට විකල්ප හෝ විසඳුම් නැති අය දැන්වත් කට වසාගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දිය යුතු ව තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා මහජනතාව රැවැට්ටවීම නවතා දැමිය යුතු කාලය දැන් උදා වී තිබෙන බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම කියන්නකෝ හොරකම් කරන්න කොමිස් ගහන්න විදියක් තියනවාය කියලා .පුටුවෙනුත් නැගිටලා අත් දෙකම උස්සයි කිසිම හිරිකිතක් නැතිව
එතකොට රට වැට්ටුවෙත් පහු ගිය අවුරුදු 75 කරපු ඔය කට්ටිය නේද
බොරැ කතා නවත්තල පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් හොරා කාපු , තවමත් හොරාකන සහ ලගදී රත්තරං වලින් හොරාකාපු සල්ලි රටට නැවත ලබා ගන්නා ක්‍රියාමාර්ග නොගැනීම තමයි ලොකුම ලොකු ඛේදවාචකය.
ලබන සැරේ සජියට අනුරයට හොම්බෙන් යන්න දෙන්නම්...!
ඔයා මුළු ශරීරයම දීලනේ තියෙන්නේ .අපි දෙන්න ඕන නෑ මොනවත් .අනික් එක මනුස්සයෝ පක්ෂයක් හදාගන්න බැරි උන මිනිහා කොහොමද රටක් හදන්නේ ?මිනිහා නෙට්ෆ්ලික්ස් බලලා වැඩි වෙලා සුරංගනා කතා කිය කියා ඇවිදිනවා
වැටිලා ඉන්න මොවුන් කොහොමහරි ගොඩයන්න මාන බල බල ඉන්නේ... !
ණය ප්‍රතිව්‍යුහගත කරන තැනටම ගෙනත් ඒක ඇතුලෙත් මුන්ගේ පැටිකිරිය ...
පුළුවන් කෙනෙකුට දීලා ගෙදර ගියා නම් ඉවරයි නේ. ඇයි ඕක ඔච්චරම රසද? අවුරුදු 75ක් කරපු පාලනයේ මහිමය තමයි මේ මිනිස්සු භුක්ති විඳින්නේ. හොරාකාපු, කොමිස් ගත්තු අයගේ මුදල් රටට නැවත ලැබෙන විදියට ප්‍රතිව්‍යුහගත කිරීමක් කෙරුවොත් නරකද? විකාර දොඩවන්නේ නැතුව. මේ රට පාලනය කරන්න ලංකාවේ වෙන දක්ෂ, උගත් පිරිස් නෑ කියලාද හිතාගෙන ඉන්නේ... කට්ටියම එකතුවෙලා රට හිඟන තත්ත්වෙට වට්ටලා දැන් මරු කියවනවා. ඕවගේ විපාක ළඟදීම විඳින්න වෙයි...