(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5)හිමිවිය.
සාමාන්‍යයෙන් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා දින රැස් කිරීමට හැකියාව නොමැත. එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිට විය යුතු වෙයි.
මෙම විවාදය වෙනුවෙන් සභාව එදින රැස් කිරීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමටද පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5) හිමිවිය. එම ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.
මේ අනුව පාර්ලිමේන්තුව එදින උදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස් වනු ඇත. වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙයට පෙර ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd