(විමුක්ති එස් රුද්‍රිගු)
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.
මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.
දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්,ඩීසල්,රසායනික පොහොර,සියලුම ජංගම දුරකථන,වෛද්‍ය තාක්ෂණික උපකරණ,ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර,ගිලන් රථ ආනයනයේදී,කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,සූර්ය පැනල,දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි,ස්වර්ණාභරණ,පාම් ඔයිල්,බිත්තර,තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.
තිරිඟු පිටි,ළදරු කිරිපිටි,තිරිඟු,සහල්, සහල් පිටි, පාන්,විදුලිය සහ විදුලි බෙදාහැරීම,බොරතෙල්,භූමි තෙල්,ශ්‍රවණාධාර උපකරණ,මූල්‍ය සේවා,අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගත්ත ලොකු උන් අල්ලන්නෙත් නෑ හොරකමින් හම්බකරපු දේපල පවරා ගන්නෙත් නෑ .අහිංසක ජනතාවට බදු ගහනවා .මුන්ට හෙන ගහන්නේ නැති එක තමයි පුදුමේ
2020 දී රාජපක්ෂලා තිබුණු වැට් එක 3% කින් අඩුකරනකොට එවක විපක්ෂයට බැන බැන එකට උඩින්ම සහයෝගය දීලා සම්මතකරන්න අත උස්සපු පොහොට්ටුවෝ ටිකම දැන් රනිල් එය 18% කරනකොටත් අත උස්සල සම්මත කරලා ,රටේ ජනතව විහිලුවකට අරන් ඉන්න මෙගොලොන්ව අපහු පාර්ලිමේන්තුව පැත්ත පලාතේ යවන්න එපා
හොරාකාපුවාට දැන් ජාතියක් වශයෙන් එක්සත්ව එක්සිත්ව එකමුතුව ගෙවමු
සූර්ය පැනල වලටක් වැට් ගහනවා. මේ මිනිසුන් මොනවද මේ කරන්නෙ . ඉවක් බවක් නැතිව වැට් ගහනවා. රටේ සේරම විකුණනවා. ඔය දෙක විතරනෙ කරන්නෙ .
අත් යන්ත්‍ර බද්දෙන් නිදහස් කරපු එක ලොකු දෙයක්. දැතෙ පිහිට තමා ඉතිරි වෙලා තියෙන්නෙ.
වාර්තාව වැරදීමක් වෙලාද මන්දා .දේශීය නිෂ්පාදනය කල එල් පී ගෑස්.ප්රෙට්රල් ඩීසල් කියලා තියෙනවා. එහෙම නිෂ්පාදන ලංකාවෙ තියෙන පක්ෂවල දේශපාලුවො හා උන්ගෙ උරුමක්කාර පොල්මක්කාරයො නම් කරන්න දෙන්නෙ නැහැ. කොහොම වුනත් IMF පිරිස නිර්දේශ කිරීම නිසා ඔය වැට් වැඩිකිරීම කලානම් IMF ලාගේ බලාපොරොත්තුව ලංකාවේ දේශීය නිෂ්පාදන අඩාල කරන්න කියලා පැහැදිලියි. දැනටමත් ඇගලුම් ක්ෂේත්රය කඩාවැටීම වෙනවා .මෙතෙක් කලක් ලංකාව සංවර්ධනය නොවුනු හේතුවක් තමයි නිෂ්පාදන ආරම්භ අවස්ථාවේදීම බදු පැනවීම .තවත් එකක් තමයි IMF උපදෙස් මත අස්වැසුම ලබාදීම .මෙහෙම බදු ගහල සහනාධාර දීලා කොහොමද රට හදන්නෙ කියලා තේරුම් ගන්න බැහැ විවාදයේදී දයාසිරි කියපුදේ එලෙසින්ම ඉටුවේවා
දේශීය නිෂ්පාදන හා කෘෂිකර්මය ලංකාවෙන් තුරන්කිරීමට IMF උපදෙස් අනුව බදුපැනවීමක් කියන්න පුළුවන් IMF අරමුදලේ සාමාජිකයන්ගේ රටවල නිෂ්පාදනය මේ අතර තියෙනවාද කියලා .කවුරුහෝ සොයා බලන්න .මේවා මෙහෙම වෙන්න සුනාමි ආධාර ගසාකෑමේ සිට විදේශීය ණය අරගෙන යටිමඩි ගැසූ දේශපාලුවන්ගේ ක්‍රියා කාරකම් හේතුවක් වුනා මෙම විවාදයේදී ලාමොළේ මගහැර ගියේ අනාගතයේ
අස්වැසුම දේශපාලන ලකුණු දා ගැනීමේ ව්‍යාපාරයටත් පාවිච්චි කරන්නේ අපේ බදු සල්ලි. බදු වලට සාපේක්ෂව return අඩුයි මාතියෝ. ගුටි කන්න ලේස්ති වෙලා ඉන්ඩ...
මේ කරපු වැට් බදු ගැහිල්ල යෝජනා කරපු එවුන්ටත්, පක්ෂව ඡන්දය දුන් එවුන්ටත් වැහි නැති හෙනම වැදිලා මකබෑවිලාම යන්න...
මොවුන්ගේ අම්මලා, අප්පලා, ඒ අයට දුක් විඳලා සල්ලි හොයන්න කියලා දීලා නෑ.... ඒකයි. ඔවුන් දන්නේ හොරාකාලා ජීවත් වෙන්න විතරයි.
මේ වැට් බද්ද අයින් කරලා, නරකද ලැට් වලට යන උන්ට ලැට් බද්දක් ගැහුවොත්?