(ප්‍රසංග පෙරේරා)
භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදීය.
" වැට් බද්ද 18% කින් වැඩිවනවි ට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් තමාට පීඩනයක් ඇති බවත් පැවසූ ඔහු කීවේ කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රට පවතින තීරණාත්මක අවධිය නිසා සියලු දේයට වඩා රාජ්‍ය ආදායම වටිනා බවයි.
ඒ කෙසේ වෙතත් අතර මැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවායැයි කී අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරනවා යැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා.
ගෝටයියා ජනාධිපති වෙච්ච වෙලාවෙ එතෙක් බදු ගෙවූ හෙංචයියො සියලු දෙනාටම බදු කපාහැරියා ඒක රටේ ආදායම් අඩුවීමට හේතුවක් වුනා එහෙම නොකලානම් මේ වෙලාවෙ ඔය ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ ඕකට සම්පූර්ණයෙන්ම රටේ ලක්ෂ හැටනවයක් මිනිස්සු හා ඔවුන්ගේ විනෝදාශ්වාදය සදහා නයි නැටවීමට සම්බන්ධ සියලු දෙනාම වගකිවයුතුය
බය වෙන්ට එපා ඔය පීඩනය වැඩි කලක් තියෙන්නේ නැ මොකද ,මහජනයා එකතුවෙලා මේ පොහොට්ටු හැතිකරේ ලගදීම එලවනවා ,පිනධිපති එක්කම
හාට් ඇටෑක් එයි නේද! හොඳ වැඩේ පක්ෂ උනාට...කළකම් පල දෙනවමයි!
පාර්ලිමේන්තුව අත උස්සනකොට පීඩනය අඩුවෙලාද තිබ්බේ? කාලකණ්ණි තොලොංචි වෙලාම යන්න ඕනේ...
ඔයා VAT පනතට සහාය දුන්නාද? නැද්ද?