(අංජුල මහික වීරරත්න)
ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ණය තිරසර භාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස නවය තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් ඇතැයි රජය පවසයි.
එසේ වුවද හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙතෙක් හැකිවී නොමැති බවත් ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු පිණිස දැනට ක්‍රියාත්මකව පවතින එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024-1-1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18% ක් දක්වා වැඩි කිරිමටත් දැනට එකතු කළ අගය මත වන බද්ධ අදාල නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයක් තියාල තොපි ගෙදර පලයව්
සාමාන්‍ය ජනතාවගෙ ආදායම් වැඩි කරගන්නෙ කොහොමද මේවගේ බදු වැඩි කරල බඩු මිල ඉහළ යනකොට. රජයේ සේවකයන්ගේ පඩිය 30000 කින්වත් වැඩි කරන්න වෙයි මේ විදියට.
මූ දන්නේ එච්චරයි .බදු ගහන්න , විකුණන්න ,හිඟා කන්න
බදුවලින් තොර ආදායමක් දැන්ම නැද්ද?
ඉතින් දැන් නම් වෙන රටකට පීනගෙන හරි පලයල්ලා, 3%කින් වැඩි කරනවා විතරක් නොවෙයි දැනට වැට් බදු අය නොකරන භාණ්ඩවලට පනවනවා කියන්නේ අපිට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් එක පාරටම 18%කින් වැඩි වෙනවා කියන එකයි...!
එක පැත්තකින් බදු වැඩිකරලා අනිත් පැත්තෙන් රජයේ සේවක පඩි වැඩිකරන්න යනවා. මේ උප්පරවැට්ටිය නොකර හිටියා නම් ඔක්කෝටම සහනයක් වෙනවා නේද? අනික ඔය පඩි වැඩිවීම් හේතුවෙන් තවත් බොහෝ පිරිසක් උපයන විට බදු ගෙවීමට යටත් වීම සිදුවෙනවා...
වැඩකරන ජනතාව පීඩාවට පත්කරන බදු. උපයන විට බද්ද අඩුකර මේ බදු පනවන්න බැරි ඇයි? වෘත්තීයවේදීන් පලවාහැරීම සාධාරණද? අපේ රටේ හැටියට වක්‍රබදු සාධාරණයි. නිකමුන් වැඩි රටකට හොර හැමෝටම බලපාන බදු..!
වරෙල්ලකො චන්ඩෙ එල්ලගෙන ඔය කැබිනට් ඒකේ එන හාදයො ගමට , කොස්ස ගන්නෙ