(අංජුල මහික වීරරත්න)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විධිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.
කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේ දී ලේකම්වරයා අමාත්‍යවරයාට මෙි බව දැනුම් දුන්නේය.
2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම් කරනු ලැබීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කරනු ලැබීය. එම වකවානුවේ විශාල වශයෙන් විවිධ ආයතන කාබනික පොහොර සකස් කර ඇති අතර ඔවුන් අදාල විදිමත් ක්‍රියාවලිය අනුගමනය කළා ද යන්න ගැන සැකයක් පවතින බව පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන් පවතින බව තහවුරු වී ඇතත්, මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, එමෙන්ම නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව ද කෘෂිකර්ම ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දැන්වත් ඇත්ත තේරුනාට. කොම්පෝස්ට් කියලා දුන්නු පොහොර කියපුදේවල් ගැහුවම වල් පැලෑටිත් නොසෑහෙන්න හැදුනා. කොම්පෝස්ට් හදන්න අවසර ලැබෙන්න ඇත්තෙත් පොහොට්ටුගාමීන්ටම වෙන්න ඇති නේද ? කොහොමින් කොහොම හරි ලොකු ඉලක්කම් කියන්න බැරිකමට ඔහේල කියන ලෙසට විස්සයි විසිතුනේ (අපි කියන ලෙසට දෙදහස් විසිතුනේ ) සාගතයක් පැමිණීම වලක්වන්න බැරිවේවි නේද?
කෘෂිකර්ම උපදේශක නන්දසේන මහතාගෙන් ඕකට විසදුම ඇහුවනම් හරි. මේ රටේ එම ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ටත් වඩා දැනීමක් තිබුණ කෙනෙක්.
ඇත්තටම මහා ලැජ්ජනැති කතාවක්නේ මේ කියන්නේ. මෙතැනින්ම තේරෙනවා මේ රටේ කෘෂිකර්මය කියන එක පාලනය කරන්නේ කිසිම විද්‍යාත්මක කෘෂිකර්ම මුලික මුලධර්මයක් වත් දන්නේ නැති උදවිය කියාලා. අපි මුලික කෘෂිකර්ම උපාධිය කරනකොට තමයි ඔය ශාක නිරෝධායනය කියන දේ ඉගෙන ගත්තේ. අද ඉන්න අමාත්‍යංස ලේකම් ලෙඩ පතුරුනාට පස්සේ දැන් තමයි හොයන්නේ කොම්පෝස්ට් ගැන.