(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම ලැයිස්තුව ලබාදී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව ද මන්ත්‍රීවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ අදාළ වැට් බදු ලැයිස්තුව සම්බන්ධයෙන් අපැහැදිලි තාවයක් පවතින බවයි. භූමදානයට සහ ආදාහනයට වැට් ගහන බව තියෙනවා. මළමිනියටත් වැට් ගහනවදැයි විපක්ෂනායකවරයා කීය.
මුදල් රාජ්‍යා මාධ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:-
ඒවා තියෙන්නේ වැට් නිදහස් ලැයිස්තුවේ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
අසම්පූර්ණ කරුණු නැතුව මේ විවාදය කරගෙන යාමට හැකියාවක් නෑ.
මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා:-
භාෂා ත්‍රිත්වයෙන්ම අදාල ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒක කියවන්න බැරිද?
අනුර දිසානායක මහතා:-
වැට් නිදහසින් ඉවත් කරන ලද ලැයිස්තුව ඉදිරිපත් කරන්න .එතකොට සභාවට හරි ලේසියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd