
(සුජිත් හේවාජුලිගේ)
වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය
මේ කාරණය මුලින්ම විනය මණ්ඩලයට යොමු කළ බවත් විනය මණ්ඩලයේ වාර්තාව පසුගියදා පක්ෂයට ලැබුණු බවත් ඔහු කීවේය.
විජයදාස රාජපක්ෂ මහතා එසේ කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව විනය මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට දේශපාලන පක්ෂයක් කියලා එකක් නැහැ. හැමදාම බලේ ඉන්න රජයවල් එක්ක ඉඳලා වරප්‍රසාද භුක්ති විඳිනවා. එම රජයන් ජනප්‍රියතාවය අඩුවෙන කොට නැවත බලය ලැබෙන පැත්තට හෙත්තු වෙනවා මේ විදියට රට බංකොළොත් වෙනකම් පිනුම් ගහපු අය තමයි...
කළයුතුම වැඩක්. අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිමට වැටුණාම චොර... කියන ආප්තෝපදේශයට අරුතක් දෙන්න.
කපටි රජා. අල්ලපු අත්තත් නෑ. පයගහපු අත්තත් නැහැ වගේ... දැන් එතකොට ඇමැතිකමත් නැතිවෙනවාද මන්දා...? කොහොම කොහොමහරි ඔය සෙට් එක පාර්ලිමේන්තු නැවත නොඑන්න මහජනතාව වගා බලාගනිවී..
ලංකාවේ නොම්මර එකේ දේශපාලන තක්කඩියෙක් තමයි මේ... හුඹහ මාරු කලාට දිව දෙකේ සර්පයින්ව අපි හොඳට හඳුනනවා... ඔය කොයි හුඹහේ හිටියත් අවසානයේ සර්පයා රිංගනවා උසාවියේ වහලේ උඩට.... අන්න එතැනදී, අර හිතවත් සර්පයින්ව ආරක්ෂා කරලා උසාවියට එන අනෙක් අයව දෂ්ඨ කරනවා...මිනිස් වෙසින් ඉන්න සර්පයින්ව හඳුනා ගත්තොත්, ඔබ දිනුම්...!
මෙයා සිරාට උපදෙස් දීලා දැන් සිරාත් අමාරුවේ වැටිලා..
කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙයා දැන් නඩුවක් දානවා... නඩුව වසර කිහිපයක් ඇදෙනවා...එතකොට දැන් පාර්ලිමේන්තුවත් ඉවරයි...ඇමැතිකමත් ඉවරයි...කොහොමින්හරි පක්ෂ සභාපතිකම රැකගෙන ඊළඟ පාර්ලිමේන්තුවට ආවොත්, විපක්ෂයේ හිටියත් මුල්පුටුවක් ලැබෙනවා පක්ෂ සභාපති කෙනෙක් නිසා...දුරකථනය බලයට ආවොත්, නැවතත් ඇමති කමකුත් ලැබෙනවා...එතකොට මෙයා සදාකල් ඇමති...ඩීල්දාස...!!!
විජයදාස පොහොට්ටුවෙන් දොට්ට... ශ්‍රී ල නි පය දේශපාලනයෙන් දොට්ට...
මේ විජේදාසටත් ලැජ්ජාවක් නැහැ. විජේදාසව ගන්න පක්ෂවලටත් ලැජ්ජාවක් නැහැ. ඔහුට ඇමැතිකම් දෙන්න ආණ්ඩුවලටත් ලැජ්ජාවක් නැහැ. කොටින්ම කියනවා නම්, ඔවුන් සේරටම ලැජ්ජාවක් ගෑවිලාම නැහැ.
හිටන්ගේ තවත් ගැටයෙක්...
ඩීල්දාස ගැන නම් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් අරගෙන , තමුන්ගේ වාසියට පැවැත්මට කටයුතු කරපු කෙනෙක්?