IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය. 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස  කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය

(ඡායා-ජයමාල් චන්ද්‍රසිරි)


12.36

මෛත්‍රී ඉල්ලා අස්වෙයි:සභාපති පුටුවට විජයදාස ?

(සුජිත් හේවාජුලිගේ)


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කෝට්ටේදී අද පැවති මෛත්‍රිපාල සිරිසේන  පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී   පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.

 



අදහස් (17)

විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට

Prabha Sunday, 12 May 2024 12:46 PM

හිටන් අතට අහුවන ඔක්කොම විකුණනවා වගේ...

:       2       48

nimalSunday, 12 May 2024 07:04 PM

ඩේ කේයා එකක්වගේ රණ්ඩු වෙනවා යාලුවෙන්වා

:       0       1

Gamini Sunday, 12 May 2024 02:29 PM

ඩීල්දාස ඒකටත් කටුව ගැහුවා.

:       1       56

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 12 May 2024 02:41 PM

මෝඩ චූන් කාරයා ත්‍රීවීල් පක්ෂයක නායකයා වෙලා. ආයුබෝවන් දන්නවද ත්‍රී වීල්පක්ෂ ගැන? කොයිතරම් තඩි මෝඩයෙක් වුනත් අනුර බණ්ඩාරනායක නිර්මාණය කළ ඉතාමත් හාස්‍ය ජනක යෙදුමක් ඒක. අප්පුහාමිගේ පක්ෂය ත්‍රීවීල් පක්ෂයක් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තුන් දෙනාවම ත්‍රී වීල් එකේ දාගත්තාම මුලු පක්ෂයම ඒක ඇතුලේ කියලා ජන පදනමක් නැති පක්ෂයක් ගැන අනුර ඒ කාලේ කිව්වේ". හිටං තමයි ඉතින් පක්ෂය ත්‍රීවීල් 1ක් කළේ...!

:       1       41

saama Sunday, 12 May 2024 03:28 PM

අපේ රටේ දේශපාලනයෙන් අතුගා දැමියයුතු අය අතරේ ඉන්න අංක එකේ කෙනෙක් තමයි මෙයා. කණගාටුව මොවුන්ට ඡන්දේ දෙන්න මෝඩයෝ තවත් ටික දෙනෙක් හරි ඉතිරිවෙලා සිටීමයි..

:       2       29

Vithana Sunday, 12 May 2024 03:59 PM

හිටන් දැන් අළුත් පක්ෂයක් පිහිටුවනවද? ඩීල් දාසට යන එන මන් නැතිවෙලාද ඉඳලා තියෙන්නේ. දැන් ඩීල් දාස ආවා කියලා ආශ්චර්යක් වෙයිද? ඩීල් දාසව රටේ කී දෙනෙක් අඳුනනවද? අනේ මේ කෝලං දකින්න අපි ඉපදුනා නේ.

:       0       33

අමල් Sunday, 12 May 2024 04:00 PM

ශ්‍රී ලංකාවේ ලාබාලම ජනාධිපති නීතිඥයා කීයාගන්නා ඩීල්දාසගේ තවත් ලාබාල වැඩක්! වැඩ බලන සභාපති වෙනඑකත් වලක්වලා වාරණ නියෝගයක් තියෙනකොට මෙයා කොහොමද, පක්ෂ සබාපති විදිහට නිතරගයෙන් පත්වෙන්නේ? මෙයා ශ්‍රී ලංකාවේ අධිකරණයට බරපතල අපහාසයක් කරලා තියෙන්නේ! ජනාධිපති නීතිඥයෙක්‌ විදිහට විතරක් නෙමෙයි, අධිකරණ ඇමති විදිහටත්.

:       0       33

fairoos Sunday, 12 May 2024 04:13 PM

එහෙනම් ජනාධිපති අපේක්ෂකයත් හරි. ඡන්දේ තමයි ඉතිං ප්‍රශ්නෙකට තියෙන්නේ.

:       0       20

Kazi Shajahan Sunday, 12 May 2024 04:27 PM

රනිල් ලස්සනට වැඩේ කළා. දැන් විජේදාස SLFP එක අරගෙන රනිල්ට හේත්තු වෙනවා. ඕක තමයි විජේදාස - රනිල් ඩීල් එක...

:       0       18

Deshapriya Sunday, 12 May 2024 04:35 PM

ඕක නිකන් සංගීත පුටු තරඟයක් වගෙයි...

:       1       11

Don perea Sunday, 12 May 2024 05:02 PM

අර ගාඩ් කාරයා හොඳට සල්ලි වියදම් කරයි. මනුස්සයාගේ යාළුවනේ...!

:       0       9

චන්දිම ෆොන්සේකා Sunday, 12 May 2024 05:05 PM

මේවා දැක්කහම ඔය පින්තුර වල ඉන්න කට්ටියට විතරක් නෙමෙයි, අපිටත් හොඳටම හිනායනවා...

:       0       9

Hafeel Sunday, 12 May 2024 05:46 PM

හැට වාරණ නියෝගයක් ආවුත් පුදුමයක් නැහැ. අනික අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියන්නේ අලුත් කඩේ උසාවියේ මිස ඩාලි පාරේ නොවේ...

:       0       15

ජගත් ලියනගේ Sunday, 12 May 2024 07:10 PM

මාර පොරක් නේ සභාපති කරගෙන තියෙන්නේ . ඒ පක්ෂයේ අවසානය තමා ඔය .

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 12 May 2024 07:49 PM

ලැජ්ජා නැතිකම ශ්‍රීලනිප සභාපති කමටත් වැඩිය ලොකුයි මගේ හිතේ. එකයි සිරිසේනගෙන් සභාපතිකම විජේදාසටම යන්නේ, ලංකාවේ බොහෝ දේශපාලකයන්ට ලැජ්ජා බය දෙකම නැහැ, නමුත් මේතරම් ලැජ්ජා බය නැතුව ප්‍රසිද්ධියේ ඩීල් දාන දේශපාලකයෝ දෙන්නෙක් ලොවෙත් නැතුව ඇති.

:       0       0

හුටන්සේන Sunday, 12 May 2024 11:11 PM

මේ මහත්තයා කට්ට කපටි කයිරාටික මනුස්සයෙක්. දන්නෝ දනී. සිරිසේන මහත්තයට සනීප මදි ටිකක්. බෙහෙත් අරගෙන හොඳවෙලා බලනකොට හිතෙයි මේ මොකෝ වෙලා තියෙන්නේ පක්ෂෙට, කෝ මගේ සභාපති කම කියලා....

:       0       0

Bunny Preena Monday, 13 May 2024 02:26 PM

ඡන්දයක් ආපුවාම තරගයෙන් ගෙදරට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site