
(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෝමාගමදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමග පැවති සුහද හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී.
තමන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත් ඒවාට මුහුණ දිය නොහැකි නම් මෙවැනි තීරණ නොගන්නා බවත් පසුගිය කාලයේදී වෙනත් පක්ෂ වලින්ද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අයට ඉදිරියේදී එම කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූගණන්වල වාසුදේවත් ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් හැටියට ආවා කියලා මතකයි.
අන්න හරි මචං ගනු කඩුව එනු සටනට. මුලු රටම බලං ඉන්නේ උඹට ඡන්දේ දෙන්න. නිකම් පලයන් ඩෝ යන්න. මෝඩ චූන් කාරයා.
ඔබතුමාට ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දේ නම් ලැබෙන්නේ නෑ ඕනේ නම් සිරිසේන උන්නැහේගේ ඡන්දේ ලැබෙයි.