(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
විගණන පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විගණන සේවා කොමිසමෙන් එල්ල වන කෙනෙහිලිකම් වහා නතරකිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (10) පැවැත්විණි.
අනන්‍ය වූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ වෘත්තීය සේවාවක් ලෙස රාජ්‍ය විගණන සේවය වහා පිහිටුවා තමන්ගේ රැකියාව සඳහා නිසි ඇගයීමක් ලබා ගැනීම මෙම විරෝධතාවේ අරමුණ බව ඔවුහු පවසති.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවේ යෙදී සිටි ඔවුන් පසුව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගිය අතර පසුව ගාලුමුවදොර අසළ උද්ඝෝෂණ කිරීම සඳහා වෙන්කළ ස්ථානයට ගොස් උද්ගෝෂණයේ නිරත වුහ.
(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක
මුණසිංහ Tuesday, 10 March 2020 06:57 AM
විගණන කොමිසම ස්වාධින නැත්ද? මේ අය රැකවරණය ඉල්ලන්නේ දේශපාලකයන්ගෙන්ද? කණපිට පෙරලුන අපභ්‍රංශ කතාවක්.
daya Wednesday, 11 March 2020 07:36 AM
විගණන පරික්ෂාවක් සේවය 1986 දී ඇතිකළේ එතෙක් ලිපිකරුවන් විසින් ඉටුකළ විගණන කටයුතු වෙනුවෙනි. ඒ අනුවේ නව විගණන පරිකසක තනතරු සඳහා ලිපිකරු සේවයේ 1 පන්තියේ වැටුප් ක්‍රමය ලබා දෙනලදී. මෙය විධායක තනතුරක් නොවන අතර විගණන අධිකාරි තනතුර විධායක තනතුරකි. විගණන පරික්ෂා තනතුර විධායක තනතුරකට උසස් කළොත් සමස්ත විගණන සේවයම උසස් කළයුතු අතර එය සමස්ත දීප ව්‍යාප්ත සේවාවන් සඳහාම අහිතකර ලෙස බලපානු ඇත. රජයේ බදු නිලධාරී තනතුරු උසස් කිරීමෙන්ද මෙවැන්නක් සිදුවිය. මෙවෙනි පැලැස්තර වලින් සමස්ත තනතරු ධුරාවලිය විනාශ වනු ඇත. මාණ්ඩලික තනතුරු වලට තරග විභාග වලට පෙනී සිටීමට අකමැති අය මෙවැනි ක්‍රම මගින් ඉහළ තනතරු වලට යාම නරක පුරුද්දකි. මෙවැනි දේ වලින් සිදුවන්නේ සහයක තනතුරු අහෝසි වී රජයේ මාණ්ඩලික නිලධාරීන් පමණක් සිටින රාජ්‍ය සේවයක් බිහිවීමය.
sarath perth Thursday, 02 April 2020 03:18 PM
මේ අයට කොරෝනාව අමතක වෙලාද එක පොදියට ඉන්නේ...? දැන් ඔතන ඉන්න කීදෙනෙකුට වයිරසය බෝවෙලා ඇද්ද?