
(සුජිත් හේවාජුලිගේ)
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ (8) විශ්‍රාම ලැබුවේය.
මෙරට 41 වැනි විගණකාධිපතිවරයා වන ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස 1988 වර්ෂයේදී රාජකාරිය ආරම්භ කළේය.
අනතුරුව 1992 වර්ෂයේදී විගණන අධිකාරිවරයෙකු ලෙසද 2007 වර්ෂයේදී නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ලෙසද 2015 වර්ෂයේදී අතිරේක විගණකාධිපති ලෙසද උසස්වීම් ලැබූ වික්‍රමරත්න මහතා 2019 වර්ෂයේ දී රජයේ විගණකාධිපතිවරයා ලෙස පත්විය.
විගණනය සම්බන්ධයෙන් වසර 37 ක පළපුරුද්දක් සහිත වික්‍රමරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධරයෙකි. මෙයට අමතරව ඔහු වෘත්තිය සුදුසුකම් රැසක්ද මේ රටින් සහ විදේශයෙන් ලබාගෙන තිබිණ.
පාර්ලිමේන්තුවේ කෝප් කෝපා ඇතුළු කමිටු කටයුතුවලදීද සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ වික්‍රමරත්න මහතා බදුල්ල ධර්මදූත සහ බදුල්ල මධ්‍ය මහා යන විදුහල්වල ආදි සිසුවෙකි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විගණකාධිපති විශ්‍රාම යයි
Deepal Wednesday, 09 April 2025 04:43 PM
සුබ විශ්‍රාම දිවියක් පතමි... කෝප් එකේ වැඩ බලන්න...