(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අයහපත් කාලගුණය තත්ත්වය මත ප්‍රමාණවත් පරිදි ජලය ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා 2023 යල කන්නයේ අක්කර 58770ක පමණ වී සහ වෙනත් බෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් 53965ක් පමණ බලපෑමට ලක්ව ඇතැයි රජය පවසයි.
එලෙස බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd