IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වාකරේ සිවිල් ආරක්ෂක නිලධාරීහු කජු අස්වනු නෙළති

 

නිමල් ජයරත්න

සිවිල් ආරක්ෂක බලකාය මගින් මඩකලපුව වාකරේ මාන්කේනි ප‍්‍රදේශයේ අක්කර 400 ක භූමියක වගා කරන ලද කජු වගාවේ අස්වනු නෙළීම් කටයුතු අද (31) පොළොන්නරුව කලාප භාර අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් අරඹන ලදී.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ආනන්ද පිරිස් මහතාගේ උපදෙස් මත මෙම කජු වගාව මාන්කේනි ප‍්‍රදේශයෙදි 2017 වර්ෂයේදි ආරම්භ කර තිබේ.

මෙම කජු සියල්ල රජයට ලබා දී ඉන් විශාල ආදායමක් රජයට ලබා ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණ බවත්  ඉදිරියේදි තවත් අක්කර 200 යක කජුපැළ සිටුවා ඉන් ලබා ගන්නා අස්වනු ද රජයට ලබාදීමට කටයුතු කරන බවත් සිවිල් ආරක්ෂක බලකායේ පොළොන්නරුව මඩකලපුව අණ දෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතා සඳහන් කළේය.

පොළොන්නරව සිවිල් ආරක්ෂකයන් විසින් මෙම ප‍්‍රදේශයේ අකක්ර 400 යක භූමි ප‍්‍රමාණයක 2016 වර්ෂයේදි පඅළ 12500 කට අධික ප‍්‍රමාණයක් රෝපණය කළ අතර ඉදිරියේදි ද මෙම ප‍්‍රදේශයේ සිවිල් ආරක්ෂක නිලධාරින් කජු සාර්ථකව වගා කරමින් රජයට ඉහළ ආදායමක් ලබාදීමට කටයුතු කරන බවද කුමාර මහතා පැවසීය.

මේ දිනවල කජු සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවද, නෙළා ගත් මෙම නැවුම් කජු කිලෝවක් ඉහළ මිලකට අලෙවි කිරීමෙන් රජයට විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතින බවද, ඊට ශ‍්‍රමයෙන් දායකත්වය ලබාදීමට සිවිල් ආරක්ෂක බලකාය නිරතුරුවම කැප වී සිටින බවද කුමාර මහතා කීය.



අදහස් (9)

වාකරේ සිවිල් ආරක්ෂක නිලධාරීහු කජු අස්වනු නෙළති

sameera Sunday, 31 May 2020 09:38 AM

ආවරණ නැහැ මීටරේ දුර නැහැ. හැමෝම පරිස්සම් විය යුතුයි.

:       185       137

mahesh jayawickrama Sunday, 31 May 2020 10:36 AM

මේ අයට අත් වැසුමක්වත් දීලා නැද්ද? කජු කිරි ගැවුණාම අත් වනවෙනවා. ආණ්ඩුව අත්වැසුමෙනුත් ලාභයක් බලාපොරොත්තු වෙලාද?

:       111       40

sam Sunday, 31 May 2020 10:47 AM

එයාලටත් අාදායමෙන් කොටසක් දෙන්න.

:       7       111

ranaMonday, 01 June 2020 10:15 AM

කළු කපුටා සුදු වනතුරුද?

:       0       1

ගමරාලMonday, 01 June 2020 01:07 PM

සෑම්ගේ අදහස නිවැරදියි. රේගුව, වරාය, මුදල් අමාත්‍යාංශය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහාභාරකාර දෙපාර්තමේන්තුව හා තවත් ආයතන රාශියක වර්ෂය අවසානයේ ප්‍රසාද දීමනා දෙන ආකාරයට මෙම නිලදරුවන්ටත් මෙයින් කොටසක් දෙන්න..

:       0       16

lalithm Sunday, 31 May 2020 12:14 PM

කව්රුහරි ලංකාවේ කජු වවන එක ලොකු දෙයක්. අපේ ගෙවතුවල ඉස්සර කජු ගස් තිබුණා වගේම අපි විකුණලා හොඳ ගණනකුත් ගත්තා. ඉන් පස්සේ හොරු උදේ පාන්දරම ගස්යට පදිංචි වෙලා ඒවා අයිතිකාරයින් වුණා. බොහෝ අයවලුන් කජු වගා අත්හැරීමට හොරකම් බලපෑවා.

:       15       53

Pathum Tuesday, 02 June 2020 11:17 AM

ෆේස් මාස්ක් දමාගන්න තිබුණේ ?

:       0       0

ravi Tuesday, 02 June 2020 11:27 AM

අයියෝ.. ඕක මොකද්ද..? අපිට පුළුවන්, කජ්ජ ගහේ තියලා පුහුලම ගලවා ගන්න...

:       0       0

vidya Wednesday, 03 June 2020 07:34 PM

මෙම සොල්දාදුවන් ගොඩක් දෙනා ගමෙන් ආපු තරුණ තරුණියන් . ඔවුන් හොඳට අඳුනනවා ගහ කොළ ගැන. අඩු තක්සේරු කරලා හිතන්න එපා . මේ ඔවුන් කරන එක කර්තව්‍යක් පමණි . මතකද හාදයෙක් කීවා අපේ ගුවන් ගමන් වලදී ලැබෙන කජු හොඳ නෑ කියල . මේ හාදයටත් අපගේ සොල්දාදුවන් එක්ක එකතු වෙලා කජු ටිකක් වවල අහස් යාත්‍රා වලට හොඳ කජු ටිකක් දෙන්න ගමට ගිහින් .

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site