(ජේ.ඒ.එල්.ජයසිංහ)

අධික නියං තත්ත්වය නිසා  තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට පැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි.

මහවැලි ගඟේ ජලය සීඳීයාමත් සමග අවට සැපයෙන නළ ජලය ද සීමා කර ඇතැයි අවට පිරිස් පවසති.

පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනාතට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇත.

වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.