IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වකුගඩු වෛද්‍යවරයා අභිරහස් ලෙස මියයයි

(දයාරත්න ඇඹෝගම සහ ලේකම්ගේ අනුර)

තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි  අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක (35) නැමති වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයා නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු  වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටිති.

මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පැවසිය.ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.ඔහුගේ මළ සිරුරේ බාහිර වශයෙන් කැපුම් කෙටුම් වැනි තුවාල දක්නට නොමැති බවද පොලිසිය පැවසිය.

 



අදහස් (1)

වකුගඩු වෛද්‍යවරයා අභිරහස් ලෙස මියයයි

අප්පුහාමි Tuesday, 13 June 2023 05:49 PM

අඹුසැමි දෙදෙනාම වයිද්‍ය සේවයේ සිටින විට දෙදෙනාම එක්කෙනාට එක්කෙනා බොහෝවිට දුරස්ථව ඉන්නවා එහෙම වුනාම මානසිකවත් ප්‍රශ්න ඇතිවෙනවා පවුලේ සාමය සතුට නැහැ කියන්න පුළුවන් සියලු වයිද්‍යවරු එහෙම නැහැ ඉතින් මෙහෙම වන්වෙලා සිටින අය මෙලොවත් දුක් විදිනවා පරලොවදීත් එහෙම වෙන්න පුළුවන් ඔවුන්ට සතුටක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනාකලේ සංතුස්ට්ඨී පරමං ධනං කියලා තමයි ඔවුන්ට ඒක නැතත් අපිට නිතර දකින්නට ලැබෙනවා ඇගලුම් කම්හල් සේවකයින් .ඔවුන් දෙදෙනෙක් විවාහ වෙලා දරුවෙක් ලැබුනම කරන්නෙ බිරිඳ සේවයෙන් ඉවත්වෙලා දරුවො රැකබලාගෙන් සිටීම තමයි ඔවුන් ඉතාමත් සතුටින් ඉන්නවා ඔවුන් ළග සමගිය තියෙනවා පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්ධිරේ කියලා තමයි අන්තිමේ කියන්න වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site