
(දයාරත්න ඇඹෝගම සහ ලේකම්ගේ අනුර)
තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක (35) නැමති වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයා නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටිති.
මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පැවසිය.ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.ඔහුගේ මළ සිරුරේ බාහිර වශයෙන් කැපුම් කෙටුම් වැනි තුවාල දක්නට නොමැති බවද පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹුසැමි දෙදෙනාම වයිද්‍ය සේවයේ සිටින විට දෙදෙනාම එක්කෙනාට එක්කෙනා බොහෝවිට දුරස්ථව ඉන්නවා එහෙම වුනාම මානසිකවත් ප්‍රශ්න ඇතිවෙනවා පවුලේ සාමය සතුට නැහැ කියන්න පුළුවන් සියලු වයිද්‍යවරු එහෙම නැහැ ඉතින් මෙහෙම වන්වෙලා සිටින අය මෙලොවත් දුක් විදිනවා පරලොවදීත් එහෙම වෙන්න පුළුවන් ඔවුන්ට සතුටක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනාකලේ සංතුස්ට්ඨී පරමං ධනං කියලා තමයි ඔවුන්ට ඒක නැතත් අපිට නිතර දකින්නට ලැබෙනවා ඇගලුම් කම්හල් සේවකයින් .ඔවුන් දෙදෙනෙක් විවාහ වෙලා දරුවෙක් ලැබුනම කරන්නෙ බිරිඳ සේවයෙන් ඉවත්වෙලා දරුවො රැකබලාගෙන් සිටීම තමයි ඔවුන් ඉතාමත් සතුටින් ඉන්නවා ඔවුන් ළග සමගිය තියෙනවා පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්ධිරේ කියලා තමයි අන්තිමේ කියන්න වෙන්නෙ