IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි

(රන්ජන් කටුගම්පොළ)

වකුගඩු ජාවාරම සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින පෞද්ගලික රෝහලේ සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

ඊට අමතරව එම රෝහලේ වකුගඩු සැත්කම් කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවසර ලබා දෙමින් තවත් රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

මෙම රිට් ආඥාවක් නිකුත් කළේ එම රෝහලේ අධිපති වකුගඩු රෝග විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ගොනුකළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

තමන් සතු පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරම් සිදු කිරීමේ චෝදනාව මත සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්යවරයා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

 



අදහස් (0)

වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site