(මනෝප්‍රිය ගුණසේකර)

වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙ කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදීමෙන්  අනතුරුව කිසිදු ආකාරයකින් හඳානාගැනීමට නොහැකිවන පරීද්දෙන් සැකකරු ආවරණය කොට එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි  නෙවිල් සිල්වා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සැකකරුගේ සම්බන්ධතාවයන් හෙළිකර ගැනීම සඳහා ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට අවශ්‍ය වී ඇතැයි  කියමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිපි පීරිස් මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝකය කළාය. සැකකරු එතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට ද නියෝග කළාය.