(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විදුලි බල මණ්ඩලයේ හලාවත කාර්යාලයේ  තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 35ක්  සොරාගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි.

කාර්යාලයේ ජනේලයක් කඩාඒ තුළින් ඇතුළු වූ පුද්ගලයකු විසින් මේවා සොරාගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ හලාවතකාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් මේ බව පොලීසියට පැමිණිලි කර ඇත.

මේවායේ වටිනාකම රුපියල් 120,000 පමණ වන බවද  පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියති.

සොරාගෙන ගිය ජංගම දුරකථන 35 භාවිතයෙන් ඉවත් කර තිබූ ඒවා බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.