IMG-LOGO

වී.ඕ.ජී. දොස්තර ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම්

(සිතුම් චතුරංග)

වසර 14කට පෙර  වවුනියාව මහ රෝහලේ සේවයකළ ප්‍රසව හා නාරි විශේෂඥය වෛද්‍යවරයකු පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය) වවුනියාව ප්රාපදේශිය නායකයකු වූ නැදුමාරන් නැමැත්තාට වවුනියාව මහධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් අද (08) මරණ දඬුවම නියම කළේය. 

වෛද්යයවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ අධිචෝදනා ලබා සිටි විත්තිකාරු සියලු චෝදනාවන්ට වරදකරු බවට නිගමනය කරමින් මරණ දඬුවම නියම කළේය.

එලෙස මරණ දඬුවම නියමවූයේ වවුනියාව ප්‍රෙද්ශයේ පදිංචි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නැදුමාරන් නැමති ප්ලොට් සංවිධානයේ හිටපු ප්‍රාෙද්ශීය නායකයකු වේ.

2009 අප්‍රේල් 20 වැනිදා එවකට වවුනියාව මහ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි විශේෂඥය ඒ.මීරාමොහිදීන් වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වෙඩිතබා ඝාතනය කොට තිබූ අතර ඝාතනය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් නැදුමාරන් නැමැත්තා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.



අදහස් (2)

වී.ඕ.ජී. දොස්තර ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම්

E m Wijeyekoon Friday, 09 June 2023 12:31 AM

ගොඩක් හොඳයි...

:       0       2

Bamunuarachchi Friday, 09 June 2023 12:44 AM

ජෙප්පෝ ඔවැනි ඝාතන කොපමණ කළාද? කොහොම වුණත් නඩුව අවසන් වීමට මෙපමණ කාලයක් ගතවීම අසාධාරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 363 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 528 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site