(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලෝක තත්වය පිළිබඳ විවාදය හෙට(19) සහ අනිද්දා(20) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස්වී මෙම තීරණය ගන්නා ලදී.

මේ අතර බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස සතියේ සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් පාර්ලිමේන්තු රැස්වීමද අද(18) දින  නොපැවැත්වේ.