හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ලොහාන් රත්වත්තේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ දී මියගිය බව පවුලේ ආරංචි මාර්ග කියයි.
රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා අද දහවල් මියගොස් ඇත
මහනුවර දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආ ඒ මහතා මිය යනවිට 57 වියෙහි පසුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී වරයකු ලෙස දේශපාලනයට ආ ලොහාන් රත්වත්තේ මහතා , පසුව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස තේරී පත්වී රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්ද හෙබවීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේද සමීප ඥාතියකු වන ලොහාන් රත්වත්තේ මහතා මහන්ද රාජපක්ෂ රජය යටතේ වැවිලි රාජ්‍ය අමාත්‍ය ධූරයද ,පසුව මෛත්‍රීපාල සේනානායක යහපාලන රජය යටතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයද හොබවන ලදි.
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලොහාන් රත්වත්තේ දිවිසැරිය නිමා කරයි
C.K.Lankaputhra Friday, 15 August 2025 12:23 PM
නිවන් සැප ලැබේවා...!
Sam Friday, 15 August 2025 12:48 PM
මෙතුමා නේද කිව්වේ ජීවත්ව ඉන්න කම් අනුර ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා...
හසන්ති Friday, 15 August 2025 12:49 PM
පොහොට්ටුව ගොඩ ගන්න හිටපු ප්‍රබලයෙක් නැතිවුණා.
Perakum LiyanagamaFriday, 15 August 2025 01:21 PM
ලොහාන්ට අපි ආශීර්වාද කරමු.... එයාගේ සසර ගමන කෙටිකර ගන්න. මොකද්ද අර පොහොට්ටුව ගොඩගන්නවැයි කියපු කතාව... දවල්ද?
Asela Friday, 15 August 2025 01:04 PM
ඔහුගේ අඩුපාඩු කුමක් වුවත්, ඔහු අද වැඩකට නැති දේශපාලනඥයන් මෙන් නොව 2001 දී එවකට එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු රත්වත්තේ පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔබට නිවන් සුව...
BBC Friday, 15 August 2025 01:36 PM
මැරෙන බව දැනගෙන ජීවත් වීම, ලෝකෙට රටට යහපතක් කරලා, ජීවත් වෙන එක වඩා යහපත්. නිවන් සුව ලැබේවා...!
ගමේ එකාලා Friday, 15 August 2025 02:25 PM
ජීවිතය අනියතය. මරණය නියතයි... කාටත් පොදුයි.