IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.

වාමාංශික දේශපාලනඥයකු වූ මුජිකා, ප්‍රගතශීලී සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් නායකයෙකි. ඔහු සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්‍රකටය. 

මුජිකාගේ අභාවය ලොවට දැනුම් දුන්නේ, වත්මන් උරුගුවේ ජනාධිපති යමන්ඩු ඔර්සි විසිනි. ‘ඔහු සැබෑ නායකයෙක්. අවංක මිතුරෙක්. උරුගුවේ වැසියන්ගේ හද ගැස්ම ඔහුයි. ඉතිං ආයුබෝවන්’ යනුවෙන් ඔර්සි, හිටපු ජනාධිපතිවරයා ගැන ගුණ කථනයක් ද කර ඇත.

මුජිකා පිළිකාවකින් පීඩා වින්දේය. තමන් පිළිකා රෝගියකු බවත්, තමන්ට ජීවත් වීමට වැඩි කාලයක් නොමැති බවත් මුජිකා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ 2024 දීය. ඊට අමතරව, මුජිකා වකුගඩු අක්‍රිය වීමේ රෝගී තත්වයකට ද මුහුණ පා සිටි බව පැවැසෙයි.

කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ මුජිකා, 1960 දශකයේ අවි අතට ගත් වාමාංශික ගරිල්ලා සටන්කාමියකු විය. එදා උරුගුවේ රාජ්‍යයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා අත්අඩංගුවට පත්වුණු මුජිකා වසර 15 ක් සිරබත් කෑවේය. ඒ, නොයෙක් ආකාරයේ වධ හිංසාවලට ලක් වෙමිනි.

මුජිකා, උරුගුවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් දිනා ගනිමිනි. 2010 සිට 2015 තෙක් මුජිකා ජනාධිපති ධුරය හෙබවූ අතර එම කාලයේ උරුගුවේ ආර්ථිකය පිබිඳීමකට ලක් විය. ඔහු හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ බොහෝ දෙනාගේ පැසැසුමට ද හේතුවක් විය.
උරුගුවේ වැසියන්ගේ අදහස නම්, ඔවුන්ට හිමිවුණු ඉතාමත්ම නිහතමානී ජනාධිපතිවරයා  හෝසේ මුජිකා බවය.

ජනාධිපති ධුරය හොබවද්දී පවා මුජිකා ජනාධිපති මන්දිරය වෙනුවට , පිටිසරබද පිහිටි සිය ගොවිපොල නිවසේ පදිංචි වීම ඊට හේතුවය. මියයනතුරුම මුජිකා භාවිතයට ගත්තේ පැරණි සහ අබලන් වූ වොක්ස්වැගන් රථයකි. මුජිකා මෙන්ම මෙම වෝක්ස්වැගන් රථය ද ලොව ජනප්‍රියය.

(ඒ.එෆ්.පී.)



අදහස් (13)

ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී

කව්ද බෝයි Wednesday, 14 May 2025 10:49 AM

ලංකාවේත් ඉන්නවා... දුප්පත්ම දුප්පත් ජනපතිලා හතර දෙනෙකුයි, වැන්ඳඹු ජනපති බිරියකුයි. ඒ ගොල්ලෝත් ජීවත් වෙන්නේත් ජනපති මන්දිර වෙනුවට පිටිසරබද කටුමැටි නිවාසවල. ගමන්, බිමන් යන්නේ අබලන් වූ පාපැදියෙන්. බලයේ ඉන්දැද්දී, රටේ ජනතාවට ලෝකේම තියෙන ආශ්චර්යය පෙන්වපු, දිව්‍ය ලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු, රටට බරක් නොවිච්චි, ලෝකෙටම හාස්‍යයක් නොවිච්චි, උතුම්, සත්ගුණවත් කට්ටිය...!

:       0       29

යෝගා Wednesday, 14 May 2025 10:50 AM

ආසියාවේ දුප්පත්ම රටක ඉන්නවලු මුලින් කෝච්චියේ කඩල විකුණපු දැන් යුරෝපයේ නැව් හිමියකු වෙච්චි හාදයෙක්. හැබැයි කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරපු කෙනෙකුත් නෙමෙයි...

:       20       7

The Three Idiots Wednesday, 14 May 2025 01:19 PM

ආසියාවේ ධනවත්ම දේශපාලකයා ඉන්නේ නම් මෙහේ. කොච්චර පෝසත්ද කියනවා නම් ජීවිතේට රස්සාවක් නොකරපු පුතාලත් ප්‍රකෝටිපතියෝ...

:       0       31

පොඩිඑකාWednesday, 14 May 2025 02:39 PM

අපේ රටේ ඉන්නවා කිසිම හිරිකිතයක් නැතුව ඉන්න අය.

:       0       11

පොඩිඑකා Wednesday, 14 May 2025 11:08 AM

දුප්පත්ම ලොව හිටපු, ධනවත්ම ජනපති නං අපි ළඟ තවම ඉන්නවා...!

:       0       14

විපුල විජේතුංග Wednesday, 14 May 2025 11:27 AM

ලොව දුප්පත්ම නොවෙයි... ලොව පෝසත්ම ජනපති ඔහුයි. ඔබට සුබ ගමන් ජනාධිපතිතුමනි... (දැන් ඉන්න අයට හොද ආදර්ශයක් එතුමා)

:       0       27

ගුණරත්න Wednesday, 14 May 2025 11:42 AM

මේ ලෝකේ දුප්පත්ම ජනාධිපති නොවෙයි. මේ මනුස්සයා වැදගත් විදියට තමන්ගේ ජොබ් එක කරලා වැදගත් විදියට අයින් වුණා, එච්චරයි. ඔය ගැන එතුමන්ගෙන් අහලා තිබ්බාම කියලාත් තිබුණා තමන් දුප්පත්ම ජනාධිපති නොවන බව. තමන් සරල ජීවිතයක් ගත කරන්න කැමැති නිසා එහෙම ඉන්නා බව...

:       7       13

කෞෂි Wednesday, 14 May 2025 01:49 PM

ඒකට අපේ හිටපු අය, නේද ගුණේ ...?

:       1       14

ගුණරත්නWednesday, 14 May 2025 05:57 PM

කෞෂි නෝනා දන්නවද මෙතුමාත් හිටපු මාක්ස්වාදී කැරලි කාරයෙක්, නමුත් පාලන කාලේ ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ ගෙනාවා, ධනවතුන්ට සේවය කලේ නැහැ, ඒ වෙනුවට සරල ජීවිතයක් ගත කරන්න කියල ඒක කරලම පෙන්නුවා. එතුමා ගමන් බිමන් ගියේ පරණ ෆොක්ස් වැගන් කාර් රථයකින්. මේ ජනාධිපතිතුමා කියුවා විතරක් නොවේ කරලම පෙන්නුවා, අවුරුදු 5ක් සේවය කරලා අයින් වෙලා ගියා, ඒ අවුරුදු 5 උරුගුවේ රට තවත් දියුණු වුනා. ඔන්න නායකයෝ!

:       0       0

Sanath Wednesday, 14 May 2025 11:56 AM

ඔහු උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති. බොලිවියා නොවෙයි...

:       0       12

Nihal Wednesday, 14 May 2025 01:26 PM

ඒකටත් එක්ක අපේ හතර තවම කනවා.

:       1       16

prasanna Wednesday, 14 May 2025 03:34 PM

ලංකාවේ ඉන්නවා ඩොලර් බිලියන ගණනක දේපළ ගිනි තියපු පක්ෂයේ කෙනෙක්.

:       9       5

පිටිගල මිලානෝ Wednesday, 14 May 2025 03:44 PM

මෙතුමාගේ ඡායාරූපයක් අපේ පාර්ලිමේන්තුවේ එල්ලන්න. කොපියක් මැදමුලනටත් යවන්න…

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site