IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය


 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

2025 අගෝස්තු 06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය  ගෙන ඇත

ඒ අනුව, ඕමාන් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විජේසිංහ ආරච්චිගේ කපිල සංජීව ද අල්විස් මහතා නම් කිරීම කාරක සභාව විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ.එල්.එස්.එන්.කේ. මන්ත්‍රීනායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියගේ පත්වීම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.

එමෙන්ම, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා, සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා, සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජයතිස්ස අනත්ත පතිරණගේ මහතා යන මහත්වරුන්ගේ පත්වීම්ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව  අනුමත කර ඇත.



අදහස් (0)

ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site